spot_img
spot_imgspot_img

කොරෝනා දේහ පිළිබඳ වාර්තාව එළියට නොදෙන්නේ ඇයි?

පුවත්

විදෙස්

කොරෝනා මෘතදේහ ඉවත්කරන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පත්කරන ලද තාක්ෂණ කමිටුවේ වාර්තාව පසුගිය 27 වැනි ඉරිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්නොකර තවදුරටත් කල් මැරීම සමාජයීය ගැටලුවක් බවට පත්වන තරමට දුරදිග යමින් පවතී.

කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් කමිටුවක් පත්කරන ලද අතර කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් ද තවත් කමිටුවක් එම අරමුණින්ම පත්කර තිබිණි.

මෙම කමීටු දෙකම ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය ඇමතිවරියගේ ප්‍රධාන්තවයෙන් රැස්වුව ද කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොමැතිව විසිර ගොස් තිබේ.

මේ අතර, කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් “සීලෝන් තවුහිද් ජමාත් සංවිධානය” ප්‍රමුඛ තවත් මුස්ලිම් සංවිධාන කිහිපයක් ඊයේ (31) පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

එහි දී එම සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මෙසේ කීවේය.

“කොරෝනා මෘතදේහ කෙලින්ම භූමදාන කරන්න දෙන්න කියා අපි ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ කොන්දේසි සහිතව දෙන්න කියලා. කොන්ක්‍රීට් ආවරණයක් තුළ. නැත්නම් ප්ලාස්ටික් හෝ පොලිතී ආවරණයක් යොදා මේ දේහ භූමදානයට ඉඩ දෙන්න කියා ඉල්ලා සිටිනවා. පවුලේ ඥාතීන්ට සිරුර ස්පර්ශ කිරීමට ඉඩ නොදී අත්‍යාවශ්‍යම ඥාතීන් කිහිප දෙනෙකුට පමණක් ඒ අවසන් අවස්ථාවට සහභාගී වීටම ඉඩ දෙමින් මෘත දේහ භූමදානයට ඉඩ දෙන්න කියා තමිය අපි ඉල්ලුවේ.”

මෙම උද්ඝෝෂණයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා “අපේ ජනබල පක්ෂයේ” කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණි. ඔවුන් පවසන්නේ ඉතාමත් කණගාටුයි සරත් වීරසේකර මේ හැමෝටම එක නීතියක් හදන්න. මේ තවුහික් ජමාද් සංවිධානය අන්තවාදී සංවිධානයක්.

පසුව විරෝධතා සිදුනොකරන ලෙස දන්වමින් අධිකරණ නියෝග 2ක් සහිතව එතැනට පැමිණි පොලිස් නිලධාරීන් එය දෙපාර්ශ්වයේම විරෝධතාකරුවන්ට පෙන්වා ඔවුන් එම ස්ථානවලින් ඉවත්කිරීමට කටයුතු කර තිබිණි.

මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිංහල අපි සංවිධානයේ පූජ්‍ය පඹුරෙවෙල චන්දරතන හිමි මෙසේ කීහ.

“ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි කියනවා අධිකරණ අමාත්‍යවරයා විසින් කොරෝනා දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් බලපෑම් කිරීම දැඩි ලෙස හෙළා දකිනවා කියලා.”

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මෙසේ කීහ.

“ අපි එක මවකගේ දරුවන් හැටියට ජීවත්වෙමු. මේ පුංචි රටේ. හිතුවක්කාර ලෙස කටයුතු කරන්න එපා.”

අමාත්‍ය විදුර වික්‍රමානයක මෙසේ පවසයි.

“විශේෂෂයන් මේ තීරණය ගන්න අවශ්‍යයි. රටට කියන්න තීරණය මොකක් ද කියලා. දේශපාලකයන් කට පියාගෙන ඉන්නවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බාකීර් මාකර්

අපි ශ්‍රී ලාංකික පුරවැසියෙක් මහාචාර්ය මලික් පීරිස් පැහැදිලිවම කිව්වා මේ දේහ ආදාහනය හා භූමදානය දෙකෙන් එකක් කරන්න පුළුවන් කියලා. මේ අනවශ්‍ය විදියට මිනිස්සුන්ගේ භිය ඇතිකරනවා. මේ විදියට යන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

“මේ මළ සිරුරු අල්ලගෙන නටන්නේ දේශපාලන වශයෙන් භූමදාන වෙච්ච පක්ෂ. ජනාධිපතිවරණය මහ මැතිවරණය පැරදිලා දේශාලනිකව භූමදාන වෙච්ච ප්‍රශ්න දැන් ආදාහනය ද භූමදානය ද කියලා ප්‍රශ්න කරනවා.”

අමාත්‍ය උදය ගම්මම්පිල

“කොවිඩ් දේහ ආදාහනයට තීරණය ගත්තේ ආණ්ඩුව නෙවෙයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඒවාට අන් අය ඇඟිලි නොගැසිය යුතුයි. මැරුණට පස්සේ භූමදාන කරනවා ද ආදාහනය කරනවා ද කියල එක නෙවෙයි කතා කරන්න අවශ්‍ය. කොහොම ද කොවිඩ්වලින් ආරක්ෂා වෙලා ජීවත් වෙන්නේ කියලයි.”

කේ.ඩී.ලාල්කාන්ත

කොරෝනා හේතුවෙන් මියයන අයගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු පිළිබඳ ගැටලුකාරී තත්ත්වය ජාතීන් අතර මානසික ව්‍යසනයක් නිර්මාණ්‍ය කිරීම දක්වා ප්‍රබල වී තිබෙනවා. මුස්ලිම් හා සිංහල ජනතාව අතර විරසකයක් ඇතිකරලා එය නඩත්තු කරමින් යන්නේ දේශපාලන වාසි ලබාගැනිමේ අවශ්‍යතාවයෙන් ඉන්නා දේශපාලකයන් විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!