spot_img
spot_imgspot_img

ගාල්ලේ විදුහල්පතිවරයකුටත් කොරෝනා

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලක විදුහල්පතිවරයකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ඉඳුරුව තුන්දූව පාසලේ විදුහල්පතිවරයාටය.

පසුගිය දිනවල එම ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු වාර්තාවීමත් සමඟ ගමේ පදිංචිකරුවන්, පාසල් සිසුන් හා ගුරුවරුන් පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමට සෞඛ්‍ය අංශ එහි ගිය අවස්ථාවේ දී විදුහල්පිතවරයා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කැමැත්ත ප්‍රකාශ කර නැත. පාසල් සිසුන් ද ඒ සඳහා සහභාගී කරවා තිබුණේ නැත.

විදුහල්පතිවරයා පවසා ඇත්තේ පාසල විෂබීහරණය කිරීම ප්‍රමාණවත් බවයි. මුස්ලිම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානයට ඉඩ දෙන්නේ නම් පමණක් පාසල් දරුවන් හා ගුරුවරුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බව ද ඔහු පවසා තිබිණි.  

එදින පාසල් සිසුන්, ගුරුවරුන් හා විදුහල්පතිවරයා පීසීආර් පරීක්ෂණයකට නොපැමිණය ද සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 44ක් අතරින් ආසාදිතයන් 10 දෙනකු වාර්තා විය. ඉන්පසු නැවත විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට කරුණු පැහැදිලි කිරීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්සණවල තොරතුරු අදඅ (19) ලැබුණු අතර ඉන් තහවුරු වූයේ විදුහල්පතිවරයා ද ආසාදිතයකු බවයි. මේ වනවිට තුන්දූව ගම්මානයේ පදිංචිකරුවන් අතරින් ආසාදිතයන් 55 දෙනකු වාර්තා වී ඇති අතර වයස අවුරුද්දක් වයසැති දරුවකු, අවුරුදු 07ක් හා 15ක් වයසැති දරුවන් දෙදෙනකු ද පාසලේ ගුරුවරු කිහිප දෙනකු ද සිටින බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!