spot_img
spot_imgspot_img

ගාල්ල දැඩි අවදානමක. සක්‍රීය පොකුරු තුනක් හඳුනාගනී

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවත් සක්‍රීය කොරෝනා පොකුරු තුනක් මේ වනවිට දක්නට ලැබෙන බවත් සෞඛ්‍ය අංශවල අභ්‍යන්තරව හුවමරුවන ලේඛනයක දැක්වෙයි.

එම ලේඛනය මාධ්‍යයට නිකුත් කර නැත.

එම කොරෝනා පොකුරු 03 ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මිලිද්දුව පොකුර, ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුන්දූව පොකුර හා කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකක පොකුර ලෙස හඳුන්වා තිබේ. මේ වනවිට මිලිද්දුව හා තුන්දූව පොකුර දැඩි අවදානම් ලෙස සළකුණු කර ඇති අතර කරාපිටිය ශික්ෂණ රෝහල් පොකුර අවදානම් තත්ත්වයේ පවතින සක්‍රීය පොකුරක් ලෙස ද නම්කර ඇත.

මිලිද්දුව පොකුරෙන් පමණක් ආසාදිතයන් 126ක් මේ වනවිට හමුවී තිබේ. සක්‍රිය තත්ත්වයේ පවතින ඉඳුරුව තුන්දූව පොකුරෙන් ද මේවනවිට ආසාදිතයන් 16ක් හමුවී තිබේ. ඊට අමතරව ඊයේ සිට රෝගීන් වාර්තා වීම ආරම්භ වුණු කරාපිටිය රෝහල් පොකුරෙන් අද (18) දහවල්තෙ 12.00 වනවිට ආසාදිතයන් 15ක් හමුවී ඇත. කරාපිටිය රෝහල් පොකුරේ කන්තාවන් 11දෙනකු සිටින අතර පිරිමි පුද්ගලයනි 04කි.

සෞඛ්‍ය අංශ විසින් සකසා ඇති මෙම ලේඛනයට අනුව කොළඹ නැව් තටාංගණය, පෑලියගො මාළු වෙළෙඳ සංකීර්ණය, කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනය, බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයන්, කොළඹ සිට පැමිණි ආසාදිතයන් හා අයිඩීඑච් හෙදියගේ ආශ්‍රිතයන් යන  මූලාශ්‍රවලින් ගාල්ල තුළ කොරෝනා ව්‍යප්තිය මේ වනවිට පාලනය කර තිබේ.

එම ලේඛනයට අනුව අද (18) දහවල් 12.00 වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයන් ගණන 353ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙනි. එම සංඛ්‍යාව 142කි. දෙවැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බලපිටිය කොට්ඨාශයෙන් වන අතර එය 62ක් ලෙස දැක්වේ. ඉඳුරුව කොට්ඨාශයෙන් ආසාදිතයන් 28ක්, කරන්දෙණියෙන් ආසාදිතයින් 26ක්, බෝපෙ පෝද්දලින් 19ක්, රත්ගමින් 16ක් හා අම්බලන්ගොඩින් 14ක් වාර්තා වී තිබේ. හික්කඩුව හා හබරාදුව සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් ආසාදිතයන් 09 දෙනා බැගින් වාර්තා වී ඇත. ඇල්පිටිය, උඩුගම හා බද්දේගම කොට්ඨාශ වලින් ආසාදිතයන් 05 දෙනා බැගින් තහවුරු වී තිබේ. තවලම හා අක්මීමන බල ප්‍රදේශ වලින් ආසාදිතයන් තිදෙනා බැගින් වාර්තා වී ඇත. ඉමදුව, ගෝනපිනුවල, යක්කලමුල්ල හා වැලිවිටිය දිවිතුර කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් 211ක් පිරිමි අය වන අතර 142ක් ගැහැණු අය වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!