spot_img
spot_imgspot_img

ඉන්දියාවේ කොරෝනා එන්නත ජනවාරියේ සිට

පුවත්

විදෙස්

කොරෝනා වයිරසය සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා වී ඇති එන්නත් කිහිපයක් සඳහා අවසරය ඉදිරි සති වලදී ලැබෙනු ඇති බවයි.

ඖෂධ සමාගම් දෙකක එන්නත්, සලකා බැලීම සඳහා ඉදිරිපත් වී ඇති අතර තවත් එන්නත් හයක් විවිධ සායනික පරීක්ෂණ අවධි වල පසුවෙයි.

ඇස්ට්‍රාසෙනිකා සමාගම සහ ඉන්දියාව එක්ව නිපදවනු ලැබූ “කොවිශීල්ඩ්” එන්නත සහ බාරත් බයෝටෙක් සමගම, ඉන්දීයානු වෛද්‍ය පර්යේෂණ ආයතනය හා එක්ව නිපදවූ “කොවැක්සීන්” එන්නත මෙලෙස අවසර ලබාගැනීම සඳහා ඉදිරිපත් වී තිබේ.

සායනික පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් හයෙන් හතරක්ම ඉන්දියාවේ නිපදවනු ලැබූ ඒවාය.

ඉන්දීය බලධාරීන් පවසන්නේ එළඹෙන අගෝස්තු මාසය වනවිට මිලියන 300ක පමණ ජනතාවකට එන්නත ලබාදීමට අපේක්ෂා කරන බවයි.

කෙසේවුවද ලොවපුරා මේ වනවිට ජනප්‍රයව ඇති එන්නත් වල මාත්‍රා මිලියන ගනනක් තම රට විසින් ඇණවුම් කර ඇති බවට පලවන වාර්තා සාවද්‍ය බව ඉන්දීය බලධාරීහු පවසති. රටේ පවතින එන්නත් තොගය ප්‍රමාණවත් බවද ඔවුහු සඳහන් කරති. එන්නත් මාත්‍රා මිලියන 65ක් පමණ මාසයකදී නිපදවීමේ හැකියාව ඔවුන් සතු බවද පැවසේ.

ඉන්දියාවේ මේවනවිට කොරෝනා රෝගීන් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මරණ 144,000ක් පමණ සිදුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!