spot_img
spot_imgspot_img

අගුලු දාන්න එපා

පුවත්

විදෙස්

යුක්රේනයේ අගුලු දැමීමට එරෙහිව සිදුකළ විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 40 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර සංගම් වල සංවිධායකත්වයෙන් කියෙව් නිදහස් චතුරස්‍රයේ පැවති මෙම විරෝධතාව සඳහා දහස්ගනන් පිරිස් එක්රැස්වී සිටියහ.

විරෝධතාකරුවන් කූඩාරම් ගැසීමට උත්සාහ කිරීමෙන් පසුව කැරලි මර්දන පොලිසිය සහ පෙලපාලිකරුවන් අතර ගැටුම් ආරම්භ විය.”එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට පහර වැදී ඇති අතර ඔහුට සිහි නැති විය. තවත් නිලධාරීන් 40 දෙනකුගේ පමණ රසායනික ද්‍රව්‍ය වැදීමෙන් ඇස් පිළිස්සි තිබේ,” යනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයි.

කොරෝනා ව්‍යාප්තිය මර්නදනය කිරීම සඳහා යුක්රේන ජනාධිපති ව්ලද්මීර් සෙලෙන්ස්කි මහතාගේ රජය විසින් එළඹෙන ජනවාරි මාසයේ සිට දැඩි අගුලු දැමීමක් ප්‍රකාශයට පත්කර තිබේ. පාසැල්, ජිම් සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන, ආපනශාලා, කැෆේ වසා දැමීම සහ මහජන රැස්වීම් තහනම් කිරීම ඇතුළු නව අගුලු දැමීමේ පියවර ජනවාරි 08 වනදා සිට 24 වනදා දක්වා බලාත්මක වන බව රජය නිවේදනය කර ඇත. 

යුක්රේනයේ මේ වනවිට 900,000කට අධික පිරිසකට කොරෝනා වැළඳී ඇති අතර 15,480ක් පමණ මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!