spot_img
spot_imgspot_img

අටළුගමින් පැන්න අයෙක් පානදුරේ දී බස්වල රටකජු විකුණලා

පුවත්

විදෙස්

කෙරෝනා පැතිරීම හේතුවෙන් හුදකලා කර ඇති අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු හොර රහසේම පැමිණ පානදුර බස් නැවතුමේ දුර ගමන් සේවා බස්රථවල රට කජු විකුණමින් සිටිය දී හමුදා බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත.

පසුගිය 11 වැනි දා රාත්‍රියේ ඔහු සොයාගත් බුද්ධි අංශ විසින් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයට ඉදිරිපත් කර පීසීආර් පරීක්ෂණයක්ට ද යොමුකර තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට ඔහු නිරෝධායනයට යොමුකර ඇති බවයි.

අදාළ පුද්ගලයා ඉකුත් 10 දා පෙරවරුවේ බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෙල් යායකින් පැන ආ බවටත්, දින දෙකක් දුර ගමන් සේවා බස් රථවල රටකජු විකුණා ඇති බවටත් තොරතුරු ලැබී ඇත. ඔහු හමුවී ඇත්තේ ද කොළඹ මාතර දුරගමන් සේවා බසයක රටකජු අළෙවි කරමින් සිටිය දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!