spot_img
spot_imgspot_img

ස්වාසිලන්ත අගමැති කොරෝනා සෑදී මරුට

පුවත්

විදෙස්

ස්වාසිලන්ත අග්‍රාමාත්‍යවරයා කොරෝනා වැළඳීමෙන් පසුව මියගොස් තිබේ. අප්‍රිකානු රාජ්‍යයක් වන ස්වාසිලන්තය මේ වනවිට ඒස්වටිනි ලෙස හඳුන්වයි. ඒහි අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි මහතා මියගොස් ඇත්තේ කොරෝනා වැළඳුනු බවට තහවුරු වීමෙන්  සති හතරකට පමණ පසුව බව එරට රජය පවසයි.

ඩ්ලාමිනි මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඒස්වටිනිහි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මියයන විට ඩ්ලාමිනි මහතා 52 වැනි වියේ පසුවිය.රජය විසින් නිකුත් කළ ප්‍රකාශනයේ දැක්වෙන්නේ ඔහු දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගිය බවයි. කෙසේවුවද ඒහි මරණයට හේතුවක් සඳහන් කර නොමැති බව පැවසේ.

පසුගිය නොවැම්බර් 16 වන දින තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඩ්ලාමිනි මහතා නිවේදනය කළේය. රෝග ලක්ෂණ නොමැති බවත් සුවෙන් පසුවන බවත් ඒහිදී ඔහු කියා තිබිණි. සති දෙකකට පමණ පසු ඒස්වටිනි රජය කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකට ගෙනගිය බවයි. නමුත් ඉරිදා (13) සවස වැඩි විස්තර ලබා නොදෙමින් රජය කියා සිටියේ දකුණු අප්‍රිකාවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඩ්ලාමිනි මියගිය බවයි. අවසන් කටයුතු සම්බන්දව පවුලේ අය සමග සාකච්ඡාකිරීමෙන් පසුව නිවේදනය කරන බවද ඒහි දැක්වේ.

අප්‍රිකාවේ දකුණු දිග පිහිටි කුඩා රටක් වන ඒස්වටිනි සම්පූර්ණයෙන්ම ගොඩබිමි වලින් වටවූ රාජ්‍යයකි. ඒස්වටිනිහි මිලියනයක පමණ ජනගහනයක් ජීවත් වන අතර මේ වනවිට කොරෝනා රෝගීන් 6,768ක් සහ මරණ 127ක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!