spot_img
spot_imgspot_img

පොලිසිය අසළ ගැටුමෙන් මන්ත්‍රී ඇතුළු 12ක් රෝහලේ

පුවත්

විදෙස්

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පොලිසිය ඉදිරිපිට දී ඇතිකරගත් ගැටුමකින් එම මන්ත්‍රිවරයා ඇතුළු 12 දෙනකු තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.  

මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අය වැය ලේඛනයද පරාජය වීමත් සමඟ ප්‍රාදේශිය සභා භූමියෙන් පිටතදී පසුගියදා  08 වෙනිදා ඇති වු උණුසුම් අවස්ථාවක දී ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිශ්ශංක වර්ණසූරිය හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම  ගජනායක අතර  උණුසුම් කථාබහක් ඇතිවිය. පොලිසිය මැදිහත්ව එය දුරදිග යාම වළක්වා තිබිණි.
 
ඉන්පසු මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම මහතා විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය මහතා තමන් හට තර්ජනය කල බවට පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොණුකරනු ලැබු අතර, පැමිණිල්ල විභාග කිරිම සඳහා අද (12) සවස දෙපාර්ශවය මහියංගණ පොලිසිය වෙත කැදවා තිබිණ.
 
පැමිණිල්ල විභාග කිරිමෙන් පසු දෙපාර්ශවය  පොලිසිය ඉදිරියේ සමථයතට පත්ව ඇති අතර පොලිස්ථානයෙන් බැහැරට යමින් සිටියදී යළි ඇතිවු කථාබහක් දුරදිග ගොස් පොලිස්ථානයේ ගේට්ටුව අසළ දී ඹ පහරදීමක් සිදුව ඇත. දේශපාලන ආධාරකරුවන් රැසක්ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන්ද එම ගැටුමට මැදිහත්ව ඇතැයි පොලිසිය පවසයි. එහිදී තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට  ඇතුලත්ව  තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!