spot_img
spot_imgspot_img

විදේශයකින් පැමිණිවිට නිරෝධායනය වන දින ගණන සංශෝධනය වෙයි

පුවත්

විදෙස්

විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් පවසයි

නව ක්‍රමවේදය අනුව විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් යළි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය මේ සමඟ ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි හමුදාපතිවරයා පවසයි.

ඉදිරි සති කිහිපයේදී ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා සිදුකළ බවත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් කීවේය.

මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී මුහුණදෙන ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා ද ගුවන් තොටුපොළ බලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ජා කළ බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!