spot_img
spot_imgspot_img

“මගේ දරුවා ගැන කියන කතා බොරු” – දින 20 බිළිඳාගේ පියා කියයි

පුවත්

විදෙස්

කොරෝනා හේතුවෙන් මියගිය දින 20ක් වයසැති බිළිඳා කල්වේලා ඇතිව රෝහලට ගෙන ආවානම් බේරාගැනීමට තිබූ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි.

ඔහු පවසන්නේ මේ දේහයේ අවසන් කටයුතු කිරීම සඳහා එය භාරගැනීම සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් විමසූ විට එය ඔවුන් ප්‍රතික්ෂේප කළ බවයි. පසුව ඥාතියකු පැමිණ ඔහුට ද දේහය භාරගත නොහැකියැයි පැවසූ බව ද වෛද්‍යවරයා කීවේය. ඒ හේතුවෙන් දේහය රජයේ වියදමින් ආදාහනය කළ බව ද වෛද්‍ය විජේසූරිය පවසයි.

කොරෝනා හේතුවෙන් මියගිය දේහයක් ඥාතීන්ට භාර නොදීමට රජය තීරණය කර තිබුණේ මෙරට කොරෝනා වසංගතය ආරම්භයත් සමඟිනි. එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතයෙන් මියයන සියලුම දේහ පැය 24ක් ඇතුළත ආදාහනය කරන බවයි. ඥාතීන් දේහය භාර ගැනීම යනු යම් මළ සිරුරක් ආදාහනය කිරීමට පෙර ඥාතීන්ට ඒ බව දැනුම් දී එයට අකමැත්තක් නොමැති බවට ප්‍රකාශයක් සටහන් කරගැනීමයි. මළ සිරුරක් බැහැර කිරීම අධිකරණමය කටයුත්තක් බැවින් එවැනි ප්‍රකාශයක අව්‍යතාවක් ඇත. එලෙස ඥාතීන්ගේ කැමැත්ත ලැබුණු පසු ඔවුන්ගේ අවම සහභාගිත්වයකින් දේහය ආදාහනය කිරීම සිදුවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය විජේසූරිය මෙසේ ද කීවේය.

“මේ දරුවාට කොරෝනා ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් තවමත් පැහැදිළි මූලාශ්‍රයක් නැහැ. අම්මටත් තාත්තටත් මේ දක්වා කොරෝනා නැහැ. නමුත් ඇතැම්විට ඔවුන්ට කලින් කොරෝනා සෑදී තිබුණා විය හැකියි. අපි මේ ගැන කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට දැනුම් දී තිබෙනවා. ඔවුන් ඒ ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීවි.”

මේ අතර මියගිය දරුවාගේ පියා මාධ්‍යයට පවසා සිටියේ තම බිළිඳාගේ දේහය භාරගැනීමට දෙමාපියන් ඉදිරිපත් නොවූ බවට ඇතැම් මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බවයි.

ඔහු සඳහන් කලේ තම දරුවා මිය යාමෙන් අනතුරුව රෝහල් බලධාරින් විසින් තමන් ගෙන් අත්සනක් ඉල්ලා සිටිය බවත් දරුවා ගේ දේහය භාර දෙනවාද කියා විමසු අවස්ථාවේදී එය එසේ සිදුකළ නොහැකි බව දැනුම් දුන් බවයි. පසුව තමාගේ ඥාතියෙක් ද රෝහලට පැමිණ බලධාරීන් සමග සාකච්ජා කළ බවත් එහිදී ඔහුට ද භාරකරු වශයෙන් දරුවාගේ ලියවිලි සඳහා අත්සන් තබන ලෙසට දැනුම් දී සිටියත් ඔහු එය එසේ සිදුකර නොමැති බව ද හෙතෙම සඳහන් කර සිටියේය.

ස්වර්ණවාහිනී නාලිකාවේ මේ පිළිබඳ විකාශය වූ වීඩියෝවක් පහතින්

https://www.facebook.com/Liveat8.lk/videos/468634077456888/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!