spot_img
spot_imgspot_img

ජේතවනාරාම දාගැබේ පිපිරීම්, පිළියම් යෙදීමට සැළසුම්

පුවත්

විදෙස්

ජේතවනාරාම දාගැ‍බ පිපිරීම නතර කරගැනීම සඳහා කෙටි හා දිගුකාලීන විසඳුම් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අද (02) අනුරාධපුර ජේතවනාරාම දාගැබ අසළ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට  සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව යි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් අදහස් දක්වමින් කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සකස් කළ වාර්තාවලට අනුව ස්තූපයේ පෙර පැවති පිපිරුම්වල අගයන් හා සැසදීමේදී විශාල වෙනසක් සිදු වී නොමැති බවයි. ස්තූපය පිළිබඳ නිරීක්ෂණ කටයුතු සංස්කෘතික අමාත්‍යංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත්හැර නොමැති බවත්ය.

ස්තූපයේ නිරීක්ෂණය සඳහා පත් කළ විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර කීවෙි, 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ දී  පිපිරුම් වර්ධනය මීටර් දශම දෙකක් වන අතර මේ වන විට පිපිරුම් ප්‍රසාරණය වීම නැවතීමට ලක් වී ඇති බවයි 2016 සිට 2020 දක්වා මීටර් 12 ක් හා 2020 සිට 2023 දක්වා මීටර් 09 ක පැල්මේ වර්ධනයක් සිදු වී ඇති බවත්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!