-4.8 C
New York

සංචාරක කර්මාන්තයට අලුත් වාහන ගෙන්වන්න අවසර දෙයි

Published:

සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා පමණක් වාහන 1000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

සංචාරක ව්‍යාපාරයේ දී මේ වනවිට භාවිතාවන වාහනවල තත්වය ඉතාමත් අසතුටුදාය තත්වයක තිබීම සහ වාහන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සංචාරකයන් අතර මෙරට සංචාරක සේව සම්බන්ධයෙන් ඇත්තේ අසතුටුදායක තත්වයක් බව රජය පවසයි.

සංචාරකයන් ප්‍රවාහන කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 06ක් නොඉක්මවීම සාමන්‍ය සංචාරක කර්මාන්තය තුළ පිළිගත් ක්‍රමය වුව ද ශ්‍රී ලංකාවේ එය උල්ලංඝනය වී ඇතැයි ප‍ැවසේ.

එම තත්වය සැළකිල්ලට ගනිමින් විශේෂ බදු සහන නොමැතිව විශේෂයෙන් ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහ  බාවිතා කිරීමට ආසන 6-15 වෑන් රථ විදුලි සහ දෙමුහුන් ඇතුළුව) 750ක් සහ ආසන 30-40 බස් රථ 250න් ආනයනය කිරීම සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

Related articles

Recent articles

spot_img