spot_img
spot_imgspot_img

වසරක දී කෝටි 98,000ක් බදු සහන දීලා

පුවත්

විදෙස්

ආණ්ඩුවේ ම නියෝජිතයන්, ආණ්ඩුවේ හිතවතුන් ඇතුළු ආණ්ඩුවට විවිධ අවස්ථාවල දී උදව් උපකාර කරන ව්‍යාපාරිකයන් වෙනුවෙන් ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක් හෙවත් රුපියල් කෝටි 98,000ක් ශ්‍රී ලංකා වසරක කාලයක දී අහිමි වී ඇතැයි රජය පවසයි.

මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ රජයට එකතුකරනෙ ඇති බදු ආදායමෙන් 56%කි.

ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ නිදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙම කරුණු අනාවරණය කළ අතර, මෙම වේදිකාව පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි.

PublicFinance.lk  මේ සඳහා භාවිතා කර ඇත්තේ 2024 මාර්තු මස 31 වෙනිදා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශය යි.

ශ්‍රී ලංකාව ලබාදුන් විවිධ විශේෂ ඉලක්කගත බදු සහන හරහා ආණ්ඩුව අහිමිකරගෙන ඇති ආදායම මෙකී වාර්තාවෙන් ඇස්තමේන්තු ගතකර ඇත. “අන්තර්ජාතිකව පිළිගත් හොඳම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම”, මෙම වාර්තාවේ අරමුණ බව එහි වැඩිදුරටත් දැක්වේ.

“ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම්වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කරන බව” යන්න මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ ආණ්ඩුව ලබා දී, ඇති කැපවීමකි. මෙම තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුව තිබුණේ 2023 මාර්තු මාසයේ ය. නමුත් එය ‘ඉටුකර නැති’ කැපවීමක් යැයි 2024 පෙබරවාරි මාසය වන විට අලුත් කර තිබූ IMF මීටරයෙන් (https://manthri.lk/en/imf_tracker) වර්ග කර තිබුණි.

වැඩිදුර කියවන්න: https://bit.ly/3TIEctP

ආණ්ඩුවේ වාර්තාව: https://bit.ly/4aB60ad

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!