spot_img
spot_imgspot_img

ඉන්ධන මිල අඩුවෙයි ?

පුවත්

විදෙස්

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ දී සිදුකිරීමට නියමිය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම සංශෝධනයේ දී ඉන්ධන මිල තවදුරටත් අඩුවිය හැකි බවයි.

පසුගිය මාර්තු 04 වැනි දා තෙල් මිල අවසන් වරට සංශෝධනය කෙරිණි. එහි දී ඔක්ටේන් 95 ලංකා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9.00කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපයල් 10.00කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00කින් අඩුකරනු ලැබීය.

එම මිල පහළ දැමීමත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447.00ක් වූ අතර සුපර් ඩීසල්ලීටරයක මිල රුපියල් 458.00ක් විය. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 257.00ක් ලෙස අළෙවි කෙරිණි.

එවර මිල සංශෝධනයේ දී ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදුවූයේ නැත. මේ වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවී තිබීම සහ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන් මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිලෙහි අඩුවීමක් අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!