spot_img
spot_imgspot_img

දුරකථන සමාගමක් සතු, මිලියන 73ක් පාරිභෝගිකයන්ගේ දත්ත ප්‍රසිද්ධ කරලා

පුවත්

විදෙස්

ඇමෙරිකානු විදුලි සංදේශ සමාගමක් සතුව තිබූ, ඔවුන්ගේ පාරිභෝගගිකයන් මිලියන 73ක පුද්ගලික දත්ත අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මෙලෙ දත්ත අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත්තේ ලෝකයේ වැඩිම ආදායම් ලබන විදුලි සංදේශ සමාගම් අතරින් හතරවැනි තැන සිටින AT&T නමැති සමාගම සතුව ඇති දත්ත තොගයකි.  

එම සමාගමේ පාරිභෝගිකයින්ගේ ලිපිනයන්, සමාජ ආරක්ෂණ අංක සහ මුරපද ඇතුළු තොරතුරු dark web අඩවි ඔස්සේ  ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් AT&T සමාගම පවසා ඇත්තේ සිය දත්ත සොරකම් කර ඇති බවට සාක්ෂි හඳුනාගෙන නොමැති නමුත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ සහාය ලබාගන්නා බවය.

එමෙන්ම එම සමාගම පවසා ඇත්තේ සිය පාරිභෝගිකයින්ගේ මුරපද නැවත සකස් කිරීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම පිට වූ තොරතුරු සිය දත්ත පද්ධතියෙන්ම රැගෙන ඇත්තේ ද නැතහොත් තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු හරහා රැගෙන ඇත්තේද  යන්න අපැහැදිළි බවය.

AT&T හි රැහැන් රහිත 5G ජාලය අමෙරිකාව පුරා මිලියන 290 ක පාරිභෝගිකයින් පිරිසක් ආවරණය කරන අතර මෙම සමාගම එරට විශාලතම ජංගම සහ අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් එකකි.

පසුගිය පෙබරවාරි මාසයේ මෙම සමාගමේ දුරකථන පහසුකමේ පැය 12ක පමණ විශාල ඇ‍ණහිටීමකට ලක් වූ අතර එම සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් සමාව අයැද බලපෑමට ලක්වූවන් සඳහා ඩොලර් 5 ක ණයක් පිරිනැමීමට කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!