spot_img
spot_imgspot_img

Facebook ඔස්සේ ලිංගික අල්ලස් ඉල්ලූ ගාල්ලේ තරුණයෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

Facebook ගිණුම් භාවිතා කරමින් තරුණියකනේ ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සැකකරු විසින් ව්‍යාජ නම් භාවිතා කරමින් Facebook ව්‍යාජ ගිණුම් 50ක් පමණ පවත්වාගෙන ගොස් ඇති බවත්, ඒවා භාවිතාා කරමින් තරුණියන් රැසකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවත් පිළියන්දල පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

Facebook සමාජ මාධ්‍ය ඔස්සේ තම ගිණුමේ වසර දෙකක පමණ කාලයක සිට මිතුරකු ලෙස සිටින තරුණයකු අවස්ථා කිහිපයක් ම තමන්ගෙන් ආදරය ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප කළ බවත් පොලිසියට පැමිණිලි කළ තරුණිය පවසා ඇත. මේ අතර එම තරුණිය තම පෙම්වතා සමඟ සිටින ඡායාරූප අගේ Facebook ගිණුමට එක්කර තිබිණි.

මේ අතර තරුණියක ලෙස පෙනී සිටි අයකු Facebook ගිණුමකින් එම තරුණියට වෙනත් වෙබ් අඩවියක සබැඳියක් යොමුකර පවසා ඇත්තේ එහි ඇගේ නිරුවත් ඡායාරූප ඇති බවයි. කෙසේ වෙතත් මෙම සබැඳිය විවෘත නොකළ තරුණිය එය තම පෙම්වතාට යොමුකර පරීක්ෂා කර බලන ලෙස දන්වා තිබේ. එම සබැඳියට ගිය තරුණයාගේ Facebook ගිණුමට ඇතුළුවීමට ඒ අනුව එම සබැඳිය එවූ තැනැත්තාට හැකි වී ඇත.

පසුව ඔහු එමගින් එම තරුණයා සහ තරුණිය හුවමාරු කරගත් අදහස් සහ ඡායාරූප ලබාගෙන ඇති අතර තරුණියගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා  ඒවා තරුණියට යවමින් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉල්ලමින් බලපෑම් කර ඇත. එවැනි නිරුවත් දර්ශන නොදෙන්නේ නම් සංස්කරණය කරන ලද නිරුවත් දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරින බවට ද තර්ජනය කර ඇත.

ඒ අනුව අදාළ තරුණිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් පසුව පොලිස් උපදෙස් අනුව සැකකරු අල්ලා ගැනීම සඳහා තරුණිය මාර්ගයෙන් සැකකරුට පිළියන්දලට පැමිණෙන ලෙස පණිවුඩයක් යවා තිබිණි.

මේ අනුව තරුණිය හමුවිම සඳහා පිළියන්දල බස් නැවතුමට පැමිණි තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 21 හැවිරිදි හික්කඩුව ගෝනාපිනුවල පදිංචි තරුණයෙකි. පොලිසිය පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පමණක් මුහුණ දී ඇති එම තරුණයා පරිගණක දැනුමක් ලබාා ඇති අයකු ද නොවන බවයි. නමුත් ඔහු වෙනත් අයගේ Facebook ගිනුම්වලට අනවසරයෙන් ඇතුළුවීමට අවශ්‍ය දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ චොකලට් පැකට් කිහිපයක් ද තිබී ඇති අතර ඔහු පසා ඇත්තේ ඒවා තරුණියට දීමට රැගෙන ආ බවයි. තමන් ජාඇල ප්‍රදේශයේ රැකියාවක සම්මුඛ පරීක්ෂණයක් සඳහා යන බව දෙමාපියන්ට පවසා ඔහු නිවසින් පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!