spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරය ගැන රහසක්, මෛත්‍රී කියයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සහ ඊට වගකිව යුතු සියලු දෙනා පිළිබඳ අධිකරණය නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් හෝ හෙළිදරව් කිරීමට තමන් සූදානම් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (22) කීවේය.

හෙතෙම මේ බව කියා සිටියේ අස්ගිරිය මහා විවහාර ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කවුද කළේ කියලා කවුරුත් කියලා නෑ. ඔය දැන් මම අල්ලපු අයගේ නඩු තමයි පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් අහන්නේ. ඒක හරි. ඒත් මම දන්නවා මේක කවුද කළේ කියලා. අධිකරණය ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිත් ප්‍රකාශයක් කරන්න. මම ලෑස්තියි පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා හෙළි කරන්න. අනිත් එක ඒක රහසිගතව තියා ගන්න එකත් ඒ විනිසුරුවරුන්ගේ කාර්යක් වෙනවා.”

පාස්කු ප්‍රහාරය වැනි අපරාධයක් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු තමන් සන්තකයේ තිබිය දී සහ ඔවුන් පිළිබඳ දැනගෙන සිටිය දී ඒ බව හෙළිදරව් නොකිරිම ද ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපරාධමය වරදකි. හිටපු ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය අනුව පැහැදිළි වන්නේ ඔහු අපරාධකරුවන් දැන දැනම එය සඟවාගෙන සිටින බවයි. ඒ අනුව ඔහු අපරාධමය වරදක් කරන්නකු බව නීතිවේදීන්ගේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!