spot_img
spot_imgspot_img

රටේ ජනතාවට ආණ්ඩුව එපා වෙලා. ජනමත විමසුමකින් හෙළිවෙයි

පුවත්

විදෙස්

ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය තවදුරටත් පළුදු වී ඇති බවත්, රටේ ජනතාවගේ මතය වී ඇත්තේ ආර්ථික තත්වය අයහපත් බවත් සමීක්ෂණයකින් අනාවරණය වෙයි.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය විසිනි.

ජාත්‍යන්තරව පිළිගත් සමීක්ෂණ ක්‍රමවේදයක් වන ගැලප් ක්‍රමයට මෙම සමීක්ෂණය දීප ව්‍යාප්තව සිදුකර ඇත.

එහි දී ආණ්ඩුව වැඩකරගෙන යන ආකාරය අනුමත කරන බව පවසන්නේ 7%ක් වැනි ඉතාමත් සුළු පිරිසකි. සමීක්ෂණයට සම්බන්ධ වූ අයගෙන් 85%ක පිරිසක් පවසන්නේ ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔවුන් අනුමත නොකරන බයි. 2022 ජුනි මාසයෙන් පසු වරින් වර සිදුකරන ලද “රට හිතන හැටි” නමැති මෙම සමීක්ෂණ අතරින් ආණ්ඩුවට ඇති  ජනතා අනුමැතිය සම්බන්ධ පහළම අගය එම සමීක්ෂණයෙන් වාර්තා වී තිබේ.

එමෙන් ම රටේ ආර්ථික තත්වය, විශිෂ්ට, යහපත් හෝ දුර්වල යනාදී මට්ටම් අතරින් කුමන මට්ටමක පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් අදහස්  දක්වමින් 91%ක් ම කියා ඇත්තේ රටෙ ආර්ථිකය දුරුවල මට්ටමක පවතින බවයි. 2023 ජුනි මාසයේ දී එම අගය 73%ක් විය. 2023 ඔක්තෝබර් මාසයේ දී එය 81%ක් විය. මෙවර සමීක්ෂණයෙන් පෙනී යන්නේ රටේ මහජනතාවට ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි.

ආර්ථික තත්ත්වය වෙනස් වෙමින් තිබෙන්නේ හොඳ අතට ද? නැතිනම් නරක අතට ද? යැන පැනයට 9%ක පිරිසක් සුබවාදී ප්‍රතිචාරයක් ලබා දී ඇත. 2023 ඔක්තෝබර් මාසයේ දී, මෙම අගය 8%ක් විය.

අනෙක් අතට අසුබවාදී – එනම් ආර්ථිකය නරක අතට හැරෙමින් පවතී යැයි ප්‍රතිචාර දැක්වූ ප්‍රතිශතය 90%ක් විය. එය 2023 ඔක්තෝබර් මාසයේ තිබුණු 66%ක අගයට වඩා ඉහළ ය. ඒ අනුව ගත්විට, එම වසරේ ඔක්තෝබර් මාසයේ දී, ආර්ථික තත්ත්වය ගැන ස්ථිර මතයක් ප්‍රකාශ නොකළ පිරිසත් මේ වන විට ආර්ථිකය නරක අතට හැරෙමින් ඇත යන අදහසේ සිටින බව පෙනී යයි.

රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදුකරන Syndicated Surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ. Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව හිමිවේ.

මෙම නවතම සමීක්ෂණය, බහු-අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්භයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,044 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2024 පෙබරවාරි 16 සිට 25 දක්වා කාලය තුළ සිදු කර ඇත.

සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ, 95% විශ්වාසනීය මට්ටමක් (confidence level) සහ උපරිම ආන්තික දෝශය (error margin) ±3.03% මට්ටමක පැවතෙන පරිදිය. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දෝශයන් ආන්තික දෝශය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇති කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!