spot_img
spot_imgspot_img

වෛද්‍යවරියන්ගේ අඩනිරුවත, රූගත කළ රෝහල් සේවකයා රිමාන්ඩ්

පුවත්

විදෙස්

මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියන් ඇඳුම් මාරුකරන අවස්ථාවල දී ඔවුන්ගේ අඩනිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත් බව කියන රෝහල් කාර්ය සහායකයකු ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මහනුවර අධිකරණය නියෝග කර තිබේ.

එම රෝහලේ එක් ඒකකයක වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කුඩා කුටියක ඉතා සූක්ෂම ආකාරයෙන් නවීන ජංගම දුරකථනයක් සඟවා මෙම වීඩියෝ රූගත කිරීම සිදුකොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය සිදුකළ විමර්ශනයෙන් පසු හෙළිවී ඇත. මෙම සේවකයා ද එම ඒකකයේ ම සේවය කරන්නෙකි.

පසුගිය 12 වැනි දා එම කුටියේ ඇඳුම් මාරුකරමින් සිටි වෛද්‍යවරියක මේ ජංගම දුරකථනය දැක ඒ පිළිබඳ අනෙකුත් වෛද්‍යවරුන් ද දැනුම්වත් කර මහනුවර පොලිසියට පැමිණිලි කර තිබිණි. එහි දී අනාවරණය වී ඇත්තේ මෙම ජංගම දුරකථනය කාලයක සිට මෙම ස්ථානයේ සඟවා තිබී ඇති බවයි.

මූලික විමර්ශනවලින් පසු සැකකාර රෝහල් සේවකයා අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට මහනුවර මූලස්ථාන පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!