spot_img
spot_imgspot_img

බෝධිසත්වයන්ට මාංචු, බුදු වූ සමන්තභද්‍රට වැඳුම් පිඳුම්. රටේ පොලිසියෙන් නීති දෙකක්

පුවත්

විදෙස්

අවලෝකිතේශ්වර බෝධි සත්වයන් බබව කියමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පන්නිපිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඔහු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඔහුට රටින් පිටවීම තහනම් කරන්නැයි කරන ලද ඉල්ලීමකට ද අධිකරණයෙන් අවසර ලැබිණි.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය විය. ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද ඊට ඇතුළත් විය. 

මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි. ඒ් අනුව, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. 

ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ, ලබන 17 වන දා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

තමන් මතු භවයක දී බුදුවන බව පවසන මහින්ද කොඩිතුවක්කු අත්අඩංගුවට ගත්ත ද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දැනටමත් තමන් බුදු වී ඇතැයි කියමින් විවිධ ව්‍යාපාර පවත්වාගෙන යන සමන්තභද්‍ර හෙවත් කලින් පිටිදූවේ සිරිධම්ම අත්අඩංගුවට ගැනීමට මෙතෙක් කටයුතු කර නැත.

ඔහුට විරුද්ධව මේ දක්වා ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද පැමිණිලි කර නැත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය අනුව මෙරට නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුය. නමුත් බෞද්ධ නාමයෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන්, බෞද්ධ භික්ෂූන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ද කටයුතු කරන්නේ එක් එක් පුද්ගලයන්ට වෙනස් ආකාරයෙන් බව මේ ක්‍රියාව අනුව පැහැදිළි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!