spot_img
spot_imgspot_img

හිටපු නායකයෝ, වනිඳුගේ පළමු තරඟය දිනවති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද (14) පැවැති පළමුවැනි විස්සයි – 20 තරඟයෙන් කඩුලු 03ක තියුණු ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 143ක් රැස්කරගත්තේය. සිකන්දර් රාසා පන්දු 42ක දී ලකුණු 62ක් රැස්කළේ හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් සමගිනි.

නායක වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවාගත්හ.

සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම අමරුවේ දමා තිබිය දී පිටියේ එක් වූ හිටපු නායකයන් දෙපළ වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගියේය. එහි දී අගනා ඉනිමක්  ක්‍රීඩා කළ මැතිව්ස් පන්දු හතරේ පහර 05ක් සහ හයේ පහර 01ක් සමඟ ලකුණු 46ක් රැස්කළේය.

දසුන් ශානක ද පන්දු 18ක දී ලකුණු 26ක් රැස්කළේ හතරේ පහර 04ක් සමගිනි.

නමුත් අවසන් පන්දු 03ට ලකුණු 06ක් අවශ්‍යව තිබිය දී මැතිවුස් දැවී ගියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු යළි සුන් කරමිනි. එම අවස්ථාවේ පිටියට පිවිසි දුස්මන්ත චමීර තමන් මුහුණ දුන් පළමු පන්දුව කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමා වෙත යැවූ අතර අවසන් පන්දුවට දසුන් සමඟ ලකුණු 02ක් සඳහා පැති මාරුකරගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 03ක ජයක් හිමිවිය.

සිකන්ද රාසා පන්දු යැවීමෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වෙමින් සිය පන්දුවාර 04 දී කඩුලු 03ක් දවාගත්තේ ලකුණු 13ක් පමණක් ලබාදෙමිනි බ්ලෙසින් මුසරානී ලකුණු 33කට කඩුලු 02ක් දවාගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!