spot_img
spot_imgspot_img

කාදිනල්ට සිරදඬුවම්

පුවත්

විදෙස්

වතිකානුවේ කාදිනල්වරයකු මූල්‍ය අපරාධ චෝදනාවකට වරදකරුවකු වීම හේතුනේ වසර පහමාරක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙලෙස සිරදඬුවම් නියමකර ඇත්තේ ඉතාලි ජාතික ඇන්ජෙලෝ බෙචූ නමැති 75 හැවිරිදි කාදිනල්වරයකුටය.

ඔහු පාප්තුමාගේ උපදේශකවරයකු ලෙස ද කලක් කටයුතු කර තිබිණි.

ලන්ඩන් දේපළක් මිලදීගැනීමේ දී වතිකානු කතෝලික සභාවට අලාභයක් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා තිබිණි. එමෙන්ම තම උපන්ගම වන සාඩිනියා හි රදගුරු පදවියට දැවැන්ත මුදල් සම්භාරයක් ලබාදීම සම්බන්ධයෙනුත් ඔහු චෝදනාවට ලක්ව ඇති බව සඳහන් වෙයි.

මෙම කාදිනල්වරයා ඉදිරියේ පාප් තනතුරට ද යෝජනා විය හැකි තැනැත්තෙකු ලෙස සැලකුම් ලබා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම චෝදනා හේතුවෙන්, පාප්තුමා විසින් බෙචූ කාදිනල්වරයා උපදේශක ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!