spot_img
spot_imgspot_img

ආර්ථික අර්බුදය, කිරිපිටි ආනයනය අඩකින් අඩුකරයි

පුවත්

විදෙස්

2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව කිරිපිටි පරිභෝජනය 2020 වර්ෂයට සාපේක්ෂව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක විසින් ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය සහ කිරිපිටි ආනයනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසා තිබූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරු අනුව මේ බව තහවරු විය.

2019 වර්ෂයේ සිට 2023 ජුනි මාසය දක්වා ඒ ඒ වර්ෂයන් හි මෙරටට ආනයනය කරන ලද කිරිපිටි ප්‍රමාණය සැළකූ විට වැඩිම කිරිපිටි ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ 2020 වර්ෂයේ දී ය. එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 97,575.51කි. ඒ සඳහා රුපියල් බිලියන 59.31කි.

ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වර්ෂයේ දී කිරිපිටි ආනයනය විශාල වශයෙන් අඩු වූ අතර එම වර්ෂයේ දී ආනයනය කර තිබූ කිරිපිටි මෙට්‍රික් ටොන් ප්‍රමාණය 49,742.70 කි. 2020 වර්ෂයට සාපේක්ෂව එය අඩකින් පමණ අඩුවීමක් වුව ද එම වර්ෂයේ කිරිපිටි ආනයනය සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 63.69කි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූයේ 2019 වර්ෂයේ සිට 2023 ජුනි මාසය දක්වා ආනයනය කර ඇති කිරිපිටි මෙට්‍රික් ටොන් ප්‍රමාණය 355,917.28 කි. ඒ සඳහා රුපියල් බිලියන 275.13ක් වැය කර ඇත.

ඒ ඒ වර්ෂවල දී කිරිපිටි ආනයනය කිරීම පිළිබඳ දත්ත පහතින් දක්වා ඇත.

වර්ෂයආනයනය කළ කිරිපිටි ප්‍රමාණය (මෙට්‍රික් ටොන්)වැය වූ මුදල (රුපියල් බිලියන)  
201994,160.2852.55
202097,575.5158.70
202183,313.7759.31
202249,742.7063.69
2023 (ජුනි දක්වා)31,125.0240.88

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!