spot_img
spot_imgspot_img

හඳුනානොගත් වස්තුව රොකට්ටුවක කොටසක්?

පුවත්

විදෙස්

ඉන්දියානු අභ්‍යවකාශ ප්‍රධානී එස්. සෝමනාත් පවසන්නේ ඕස්ට්‍රේලියානු වෙරළ තීරයෙන් හමුවූ ලෝහමය යෝධ ගෝලාකාර වස්තුව රොකට්ටුවක කොටසක් බවයි. කෙසේවුවත් එය ඉන්දියාවට අයත් එකක්දැයි පැවසිය යුත්තේ විශ්ලේෂණයකින් පසුව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට කිලෝමීටර් 250ක් පමණ උතුරින් පිහිටි ග්‍රීන් හෙඩ් වෙරළ තීරයේ තිබී පසුගිය සති අන්තයේ දී මෙම හඳුනානොගත් වස්තුව සොයා ගැනින. එය ඉන්දියාවේ නවතම සඳ මෙහෙයුම සඳහා යොදාගත් රොකට්ටුවේ කොටසක් වියහැකි බවට සමහරු මත පළකර තිබිණි. කෙසේ නමුත් එම මතය බොහෝ විශේෂඥයෝ බැහැර කළහ.

මීටර් 2.5 ක් පමණ පළල සහ මීටර් 2.5 ත් 3 ත් අතර දිගකින් යුත් මෙම සිලින්ඩරාකාර වස්තුව ග්‍රීන් හෙඩ් වෙරළ තීරයේ වැසියන් අතර මහත් උද්යෝගයක් ඇති කර තිබේ.

මෙය, 2014 දී බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් මගීන් 239 දෙනෙකු සමඟ අතුරුදහන් වූ MH370 යානයේ කොටසක් විය හැකි බවට මුලින් අනුමාන කරන ලදී. නමුත් ගුවන් සේවා විශේෂඥයන් ඉක්මනින්ම පිළිතුරු දෙමින් පැහැදිලි කළේ එය ගුවන් යානයක කොටසක් විය නොහැකි බවයි.  

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ඉස්රෝ)  ප්‍රධානියා වන සෝමනාත් මහතා පැවසුවේ මෙම වස්තුව පිළිබඳව “කිසිම අභිරහසක්” නොමැති බවත්, “එය කිසියම් රොකට්ටුවක කොටසක්” වියහැකි බවත් ය.

එහි කිසිදු අනතුරක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ බලධාරීන් පවසා ඇත්තේ ඔවුන් එම ගෝලාකාර වස්තුව “අනතුරුදායක” එකක් ලෙස සලකන බවයි. ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා තිබිණ. 

සමහර විශේෂඥයන් පැවසුවේ එහි විෂ සහිත ද්‍රව්‍ය අඩංගු විය හැකි බවයි.

https://www.bbc.com/news/world-asia-india-66234420

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!