spot_img
spot_imgspot_img

දස හැවිරිදි දැරියට අතවර කළ පිරිසක් සොයා පොලිස් මෙහෙයුම්. පාසල් සිසුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

පුවත්

විදෙස්

කොළඹ, බාලිකා පාසලක ඉගෙනුම ලබන 10 හැවිරිදි පාසල් සිසුවියකට අතරව කළ සැකකරුවන් පිරිසක් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

වැල්ලම්පිටිය පොලිසිය ඊයේ (22) අධිකරණයට දැනුම් දුන්නේ මෙම දැරියට අතවර කළ අය අතර කොළඹ පිරිමි පාසලක සිසුවකුගේ නමක් සඳහන් කළ බැවින් එම පාසලේ අදාල නම ඇති සියලු සිසුන් කැඳවා දැරියට හඳුනාගැනීමට පැවසුව ද ඇයට එවැනි අයකු හඳුනාගත නොහැකි වූ බවයි.

දැරිය අතවරයකට ලක්ව ඇති බව දැනගෙන ඇත්තේ ඇගේ පන්තිභාර ගුරුවරිය විසින් ඇයගේ වෙනස් චර්යාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. ඒ බව විමසිළිමත් වූ ගුරුවරිය ‍එම කරුණු පොලිසියට පවසා තිබේ. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දැරිය අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකළ විට ඇය අතවරයට ලක්ව ඇති බවත්, ඇගේ සිරුරේ ස්ථාන කිහිපයක් දුම්වැටිවලින් පුළුස්සා ඇති බවත් අනාවරණය වී තිබිණි.

මෙම දැරිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටියි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දැරිය ඇතුළත් කර ඇගේ මව භාරයේ තබා ප්‍රතිකාර කරන ලෙසයි.

පොලිසිය පවසන්නේ මෙම දැරිය අවස්ථා 08ක දී පමණ බරපතල ලෙස අතවරයට ලක්ව ඇති බවකි.

ඒ අනුව දැරියට අතවර කළ පුද්ගලයන් පිළිබඳ විමර්ශනය කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!