spot_img

ටයිටන් සබ්මැරීනය පුපුරා, පස් දෙනාම මියගිය බව නිලවශයෙන් දැනුම් දෙයි

පුවත්

විදෙස්

ටයිටන් සබ්මැරීනය මුහුදේ දී පුපුරා යන්නට ඇතැයි ද එහි ගමන්කරමින් සිටි පස් දෙනාම මියයන්නට ඇතැයි ද ඇමෙරිකානු වෙරළාරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ටයිටැනික් නැව ගිලී ඇති ස්ථානයට අඩි 1500ක් පමණ ඈතින් තිබී සම්බමැරීනයේ බවට විශ්වාස කළ හැකි කොටස් 05ක මේ වනවිට සොයාගෙන ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර ප්‍රකාශ කර තිබේ.

ඕෂන් ගේට් නම් සමාගමට අයත් මෙම සබ්මැරීනය ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් 04 දෙනකු සහ එය මෙහෙයවන්නා සමඟ පසුගිය ඉරිදා (18) අත්ලාන්තික් සාගරයේ මුහුදු පත්ලට ගමන් කිරීම ආරම්භ කර තිබිණි. එහි ගමන ආරම්භ වී පැය එකහමාරකට පමණ පසු තිබුණු සියලු සබඳතා බිඳවැටී තිබූ බැවින් ඊයේ (22) දිනය දක්වා ඔවුන් සොයා විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. එම සබ්මැරීනයේ ඇති ඔක්සිජන් දින 04කට ප්‍රමාණවත් බැවින් ගලවාගැනීම් කණ්ඩායම්වල අදහස වූයේ දින 04ක කාලයක් ඇතුළත ඔවුන් සොයාගැනීමට හැකිවුවහොත් ජීවිත බේරාගැනීමට අවස්ථාවක් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles