spot_img
spot_imgspot_img

“ටයිටැනික්” ඛේදවාචකය සොයා ගිය “ටයිටන්ගේ ඛේදවාචකය”

පුවත්

විදෙස්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගැඹුරු සාගර පත්ලට ගමන් කරමින් සිටියදී සංචාරකයින් සමග ඉරිදා(18) අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

එහි නියමුවා සහ මගීන් හතර දෙනෙකු සබ්මැරීනයේ සිටින අතර බ්‍රහස්පතින්දා (22) වන විට එහි ඇති ඔක්සිජන් අවසන් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ගුවනින්, මුහුදු යාත්‍රා මගින් සහ සෝනාර් උපකරණ භාවිතයෙන් දැවැන්ත සෙවීම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර මාධ්‍ය පවසන්නේ ඹවුන් කාලය සමග දැඩි සටනක නිරත වන බවයි.

ටයිටන් යනු වොෂින්ටනයේ ඕෂන් ගේට් එක්පෙඩිෂන්ස් සමාගම විසින් මෙහෙයවනු ලබන අඩි 22 (මීටර් 6.7) දිග යාත්‍රාවකි. සමාගමේ වෙබ් අඩවියට අනුව 2018 දෙසැම්බර් මාසයේදී එය ප්‍රථම වරට මීටර් 4,000ක් දක්වා කිමිදුනු අතර, අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800 ක් පමණ ගැඹුරින් පිහිටි ටයිටැනික් නැව ගිලී තිබෙන ස්ථානයට 2021 වර්ෂයේ දී පළමු වරට ගමන්කර ඇත. මේ වසරේ එවැනි චාරිකා 18ක් සැලසුම්කර තිබූ බවද සමාගම පවසයි.

ටයිටන් යනු මිනිසුන් සහිතව මුහුදු මට්ටමේ සිට මීටර් 4000ක් පමණ ගැඹුරට ළඟා විය හැකි ලෝකයේ ඇති පුද්ගලික අංශය සතු එකම යාත්‍රාවයි. ටයිටන් සබ්මැරීනය 2021 දී සිය මංගල ගමන ආරම්භ කිරීමට පෙර 2018 සිට අත්හදා බැලීම් ආරම්භ කළේය. පසුගිය වසරේ එය කිමිදුම් ගමන් වාර 10 ක් සිදුකර තිබිණි. 

සබිමැරීනය ඇතුලත ඉතා පටු වන අතර එහි නියමුවාට අමතරව තවත් හතර දෙනකුට පමණක් ඉඩ පහසුකම් තිබේ. මගීන් යානයේ බිම වාඩිවී ගමන් කළ යුතු අතර එහා මෙහා ගමන් කිරීමට ඇත්තේ සීමිත ඉඩකි. යාත්‍රාවේ වාඩිවීමට ඇති එකම ස්ථානය වන්නේ තිර රෙද්දකින් ආවරණය කළ වැසිකිළියයි. කෙසේ වෙතත්, සමාගමේ වෙබ් අඩවිය නිර්දේශ කර ඇත්තේ වැසිකිළි පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වීමේ සම්භාවිතාව අවම කිරීම සඳහා කිමිදීමට පෙර සහ අතරතුර ආහාර වේල සීමා කළ යුතු බවයි. එසේම නිෂ්පාදකයන් පවසන්නේ මෙය කිසිසේත්ම සුවපහසු චාරිකාවක් නොවන බවයි.

ඕෂන්ගේට් සමාගම මගින් නිකුත් කළ වීඩියෝවක ඔවුන් පවසන්නේ ටයිටන් මෙහෙයවීම එතරම් අපහසු කාර්යයක් නොවන අතර එයට එතරම් කුසලතා අවශ්‍ය නොවන බවයි. නවීකරණය කරන ලද වීඩියෝ ක්‍රීඩා පාලකයක් මගින් සාගරය මතුපිට යාත්‍රාවේ සිටින කණ්ඩායමෙන් ලැබෙන උපදෙස් මත පදනම්ව යාත්‍රාව මෙහෙයවීම සිදුකරයි.

කෙසේවුව ද මෙම සබ්මැරීනයේ ආරක්ෂක විධිවිධාන සම්න්බන්ධයෙන් 2018 වර්ෂයේ දී පවා ගැටලු මතු වූ බව විශේෂඥයෝ කියති. ටයිටන් වැනි යාත්‍රාවන් හි ආරක්ෂාව සහතික කරන ඇමරිකානු නැව් කාර්යාංශය, දියයට ගමන් කරන යානා වර්ගීකරණයට ලක්කරන යුරෝපීය කණ්ඩායමක් වන DNV හෝ දිය යට වාහනවල සැලසුම් ආරක්ෂාව සඳහා ප්‍රමිතීන් සකසන තත්ත්ව සහතික සහ අවදානම් කළමනාකරණ සමාගම් වැනි තුන්වන පාර්ශ්වය හරහා ටයිටන් සහතික කිරීමට එරෙහිව ඹ්ෂන්ගේට් සමාගම අදහස් පලකර තිබිණි.

OceanGate සිය වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන් කරන්නේ මුදල් ගෙවා චාරිකාව වෙන්කර ගන්නා පාරිභෝගිකයින්ට Titan සබ්ටමැරීනයට ගොඩවීම සඳහා කිසිදු අතීත කිමිදුම් අත්දැකීමක් අවශ්‍ය නොවන බවයි. සමාගම පවසන්නේ සහභාගී වීමට අවශ්‍ය ඕනෑම පුහුණුවක් පිටත්ව යාමට පෙර අන්තර්ජාලය හරහා ලබා දෙන බවයි.

සංචාරකයන් අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතු අතර, දිගු කාලයක් සීමා සහිත ඉඩක වාඩි වී සිටීමට සහ ඉනිමගක් නැගීමට හැකි විය යුතුය.

OceanGate ට අනුව සියලුම මගීන්ට ආරක්ෂිත විස්තරයක් සහිත සැසියක් සපයනු ලැබේ.

නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන් අනුස්මරණ විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය කෙන් ලෙඩේස් බීබීසී පුවත් සේවයට පවසා ඇති පරිදි ගුවන් යානයේ සිටින අය මුහුණ දෙන එකම අනතුර වාතය නොමැති වීම නොවේ.

යාත්‍රාව තුළ ඇති ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කිරීමේ කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ ඇති මෙම යාත්‍රාවේ විදුලි බලය අහිමි වන්නට ඇත. ඔක්සිජන් මට්ටම පහත වැටෙන විට, කාර්ය මණ්ඩලය විසින් හුස්ම ගන්නා කාබන් ඩයොක්සයිඩ් අනුපාතය මාරාන්තික ප්‍රතිවිපාක සමඟ ඉහළ යනු ඇත.

“කාබන් ඩයොක්සයිඩ් මට්ටම් වැඩිවන විට, එය අවසාදිත බවට පත් වේ, එය නිර්වින්දන වායුවක් බවට පත් වේ, ඔවුන් නින්දට යනු ඇත. මෙයට ප්‍රතිකාර නොලැබෙන විට මරණය සිදුවෙයි.”

රාජකීය නාවික හමුදාවේ හිටපු සබ්මැරීන කපිතාන් රයන් රැම්සේ පවසන්නේ තමා ටයිටන් අභ්‍යන්තරයේ වීඩියෝ අන්තර්ජාලයෙන් බැලූ බවත් ස්ක්‍රබර් ලෙස හඳුන්වන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ පද්ධතියක් දැකීමට නොහැකි වූ බවත්ය.

“ඒ යාත්‍රාව ගැන මට තියෙන ලොකුම ප්‍රශ්නය ඒකයි” ඔහු පවසයි.

කපිතාන් රැම්සි පවසන පරිදි, සබ්මැරීනය මුහුදු පත්ලේ රැඳී තිබේ නම් මුහුදු පත්ලේ නම්, ජල උෂ්ණත්වය සෙල්සියස් අංශක 00ක් පමණ වේ. විදුලිය පවා අහිමි වී ඇත්නම්, මේ යාත්‍රාව සතුව කිසිදු බලයක් නැත. එබැවින් තාපය ජනනය කිරිමට හැකියාවක් ද නැත.

ඔක්සිජන් නොමැතිවීම සහ අභ්‍යන්තරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම යන්නෙන් අදහස් වන්නේ සෙවුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට සිරවී සිටින අයට ඇති හැකියාව ද අහිමිවී ඇති බවයි.

“ඔවුන් සිහිසුන් නම්, ඔවුන්ට තමන්ටම උදව් කරගැනීමට කිසිවක් කිරීමට නොහැකි වනු ඇති” ආචාර්ය ලෙඩේස් පවසයි.

ආචාර්ය ලෙඩේස් පවසන්නේ ඔවුන්ට තවමත් විදුලිය තිබේ නම් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන කැටිති පැතිරීමට හෝ ඒවායේ බලය භාවිතය අඩු කිරීමට හැකි බවයි.

සියලු මෙහෙයුම් සිදුකරන්නේ ඔවුන් පස් දෙනා තවමත් ජීවතුන් අතර ඇතැයි යන පූර්ව නිගමනයේ සිටිමිනි. එබැවින් මෙහෙයුම් කිසිසේත්ම අතහැර දැමීමට සූදානමක් නැත.

https://www.bbc.com/news/world-us-canada-65981277

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!