spot_img
spot_imgspot_img

ත්‍රස්තවාදී පනත අහෝසිකරන්න යැයි මානව හිමිකම් කොමිසමේ දී කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න යැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ මානව හිමිකම් කවුන්සියේ 53 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය උපරිම සහයෝගය ලබාදෙන බව ද ඇය ප්‍රකාශ කළාය. ඇය පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූළව නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ජනතා විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ද මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ප්‍රකාශ එහි දී ප්‍රකාශ කළාය. විරෝධතා පැවැත්වූ නායකයන් අත්අඩංගුවට ගැනීම, විනෝදාත්මක වැඩසටහන් අතරතුර පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශ පදනම් කරනෙ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම පිළිබඳව ද ඇය සිය කරුණු දැක්වීමේ දී අවදානය යොමුකර තිබිණි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නව පත්කිරීම් කඩිනම් විය යුතු බව පෙන්වා දෙන නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!