මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බත්තරමුල්ල “සුහුරුපාය” පරිශ්‍රයේ දී පසුගිය 02 වැනි දා සිට වෙසක් පුන් පොහොය දිනය දක්වා වෙසක් සතියක් පැවැත්විණි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා පොලිසිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මෙය සංවිධානය කර තිබිණි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පින්කමක් මැයි මස 02 වැනි දා පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව 03 වැනි දා ධර්ම දේශනයක් සංවිධානය කර තිබිණි, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය විසින් අක්ෂි සායනයක්, ඇස් හා ශරීර කොටස් දන්දීමේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැඩසටහනක් සහ අයිස්ක්‍රීම් දන්සැලක් 04 වැනි දා සංවිධානය කර තිබිණි. වෙසෙක් පුන් පොහොය යෙදී තිබුණු 05 වැනි දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කඩල දන්සැලක් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාසය විසින් සංවිධානය කරන ලද භක්ති ගීත ප්‍රසංගයක් ද සංවිධානය කෙරිණි.
එයට සමගාමීව මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාකවා එක්ව සුහුරුපාය පරිශ්‍රය ආලෝකමත් කිරීම සිදුකෙරුණු අතර පහන් කූඩු ප්‍රදර්ශනයක් ද සංවිධාය කර තිබිණි
විදුලි ආලෝක දැල්වීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් සිදුකරන ලදී.
![](https://si.rata.lk/wp-content/uploads/2023/05/WhatsApp-Image-2023-05-06-at-16.36.33-1-1024x682.jpg)
![](https://si.rata.lk/wp-content/uploads/2023/05/WhatsApp-Image-2023-05-06-at-16.36.33-3-1024x682.jpg)
![](https://si.rata.lk/wp-content/uploads/2023/05/WhatsApp-Image-2023-05-06-at-16.36.33-4-1024x682.jpg)
![](https://si.rata.lk/wp-content/uploads/2023/05/WhatsApp-Image-2023-05-06-at-16.36.33-5-1024x682.jpg)
![](https://si.rata.lk/wp-content/uploads/2023/05/WhatsApp-Image-2023-05-06-at-16.36.33-6-1024x682.jpg)
![](https://si.rata.lk/wp-content/uploads/2023/05/WhatsApp-Image-2023-05-06-at-16.36.33-1024x682.jpg)
![](https://si.rata.lk/wp-content/uploads/2023/05/WhatsApp-Image-2023-05-06-at-16.36.34-7-1024x682.jpg)
![](https://si.rata.lk/wp-content/uploads/2023/05/WhatsApp-Image-2023-05-06-at-16.36.34-8-1024x682.jpg)