spot_img
spot_imgspot_img

පොලිස් මැරයෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දැමූ සෙල්ලම් ගැන පරීක්ෂණයක්

පුවත්

විදෙස්

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඊයේ (23) රැස් වූ ගුරු මාරු මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට පොලිසිය අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු පිරිසකට ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පොලිසිය අමානුෂික ලෙස පහරදෙන ආකාරය වීඩියෝ සහ ඡායාරූප ගත කළේ යැයි කියමින් පොලිස් කණ්ඩායමක් පැමිණ එම ගුරුවරුන්ට පහර දී තිබිණි.

පොලිසිය විසින් ගුරු මාරු මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දී ජීප් රථයකට පටවා පාගාගෙන සිටීමේ සිද්ධිය සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති නායකයන්, අධ්‍යාපන ඇමතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතරුව මෙම තීරණය ගෙන ඇත.

එහි දී වෘත්තීය සමිති මගින් කරන ලද ඉල්ලීම මත, අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂාවක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මාර්තු මස 01 වැනි දා වනවිට අමාත්‍යාංශ මට්ටමින් මේ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!