spot_img
spot_img

එක්ස්ප්‍රස් පර්ල් ගොඩ ගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව අවට මුහුදට දැඩි බලපෑමක් සිදුකරමින් විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් කපා ගොඩට ගෙන ඉවත්කිරිමේ කටයුතු ආරම්භ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මෙම මෙහෙයුම සිදුකරන්නේ චීනයේ ෂැන්හයි සැල්වේජ් නමැති සමාගමක් විසින් එම නෞකාව කපා ඉවත්කරන බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර කීවාය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි මාසයේ දී කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගෙන විනාශ විය. එහි තිබූ රසායනිකයන් සහ විවිධ ද්‍රව්‍ය හේතුවෙන් ශ්‍රී ලංකාව අවට මුහුුදු වෙරළට සහ ජලජ පරිසර පද්ධතියට අති විශාල බපලපෑමක් සිදුවිය.

නැවේ කපා ඉවත්කරන කොටස් එම නැව අයිති සමාගම විසින් රැගෙන යන බවත් එම කටයුතු සිදුවන්නේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් සහ නියාමනය යටතේ බවත් සභාපතිනිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!