spot_img
spot_img

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කළේ ඩුබායි සිට ?

පුවත්

විදෙස්

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය තර්ජනය කරමින් දුරකථන ඇමතුම් ලබා දී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදුන් සිම් පතේ හිමිකරු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද රහස් පොලිසිය ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව ද වාර්තා වේ. එහි දී ඔහු පවසා ඇත්තේ තමන් එවැනි සිම්පතක් ලබාගෙන නැති බවයි.

මෙම ප්‍රකාශයට අනුව රහස් පොලිසිය දුරකථන සමාගමෙන් එම සිම්පතට අදාල විශ්ලේෂණ වාර්තාවක් කැඳවා ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ අදාල දුරකථන ඇමතුම් ලබාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බවයි.

මැතිවරණ කොමිසමේ තර්ජනය එල්ල වූ සාමාජිකයන්ට අවශ්‍ය ආරක්ෂාව අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථාන මාර්ගයෙන් ලබාදීමට කටයුතු කර ඇති බව ද පොලිස් දෙපාර්තමේන්තුව  කටයුතු කර තිබේ.

පසුගිය 18 වැනි දා මැතිවරණ කොමිසමේ සාමාජික කේ.පී.පී.පතිරණ සහ එස්.බී.දිවාරත්න යන දෙදෙනාට ද, පසුගිය 27 වැනි දා එම්.එම්.මොහොමඩ්ට ද සිය ධූරයෙන් ඉවත්වන ලෙස දුරකථනයකින් තර්ජනය කර තිබිණි. එදින ම රාත්‍රී නැවත දිවාරත්නට පෙර තර්ජනය කළ දුරකථන ඇමතුම්වලින් අමතා ඇතත් ඊට ප්‍රතිචාර නොදැක්වූ බැවින් වට්ස්ඇප් පණිවිඩයක් මගින් තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාල දුරකථන වාර්තා ලබාගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කිසියම් පුද්ගලයකු විසින් සැළසුම් සහගතව එකම අංකයකින් මෙලෙස තර්ජනය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!