spot_img
spot_imgspot_img

ජාත්‍යන්තර බ්‍රේල් දිනය

පුවත්

විදෙස්

අන්ධ සහ පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් වෙනුවෙන් ලිවීමේ කියවීමේ හැකියාව ඇති කිරීමට බ්‍රේල් ක්‍රමය සොයාගත් ලුවී බ්‍රේල් උපත ලැබුවේ අද 1809 ජනවාරි 04 වැනි දා ය.

ඔහුට ගරු කිරීමක් ලෙස අද (ජනවාරි 04) ජාත්‍යන්තර බ්‍රේල් දිනයයි.

ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ ගම්මානයක උපත ලැබූ ලුවී බ්‍රේල් වයස අවුරුදු 03දී පමණ සිදුවූ අනතුරකින් දෑස් අහිමිවිය. වයස අවුරුදු 15 දී ඔහු මෙම බ්‍රේල් ක්‍රමය සොයාගත්තේය.

බ්‍රේල් ක්‍රමයේ දී  භාවිතා කරන්නේ තිත් හයකි එක් එක් අකුර හා අංක නිරූපනය කිරීම සඳහා මේම තිත් හය භාවිතා කර ස්පර්ශයෙන් අකුරු සහ අංක හඳුනාගැනීම සිදුකරයි. බ්‍රේල් ක්‍රමය යනු කේතයක් බැවින් සියලු ම භාෂා, ගණිතය, සංජාත්ගී‍යන්තත ප්‍රස්ථාර පමණක් නොව පරිගණක වැඩසහටහන් පවා මේ ක්‍රමයට ලිවීමට ද කියවීමට ද හැකිවෙයි.

ලෝක බ්‍රේල් දිනයක් මුල්වරට ප්‍රකාශයට පත්කරන ලද්දේ 2018 වර්ෂයේ නොවැම්බර් දී ය. ජනවාරි 04 ලුවී බ්‍රේල්ගේ උපන්දිනය දා ජාත්‍යන්ත‍ර බ්‍රේල් දිනය යොදා ගැනීමට  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තීරණය කිරීමත් සමඟ 2019 ජනවාරි 04 වැනි දා සිට සෑම වර්ෂයක දී ම ජනවාරි 04 වැනි දා ජාත්‍යන්තර බ්‍රේල් දිදනය සැමරීම සිදුකරයි.

රජයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ද දෘෂ්‍යාබාධිත පුද්ගලයෝ 29,000ක පමණ පිරිසක් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!