spot_img
spot_imgspot_img

හූනෙක් නිසා, එකම පවුලේ 06ක් මරුට. මරණ ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙයි

පුවත්

විදෙස්

එකම පවුලක, මව, පියා, දරුවන් දෙදෙනා සහ තවත් ඥාති දරුවන් දෙදෙනකු හූනකු නිසා මරුමුවට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ පවුලකි.

මියගිය පියා ඇඩෙල්කේ ජෝන් සැමුවෙල් (55) නමැති වරලත් ගණකාධිකාරීවරයෙකි. බිරිඳ පමෙලා ඇඩෙල්කේ (50)) ය.  

රාත්‍රී මොවුන් නිවසේ සිටි බවත් නමුත් පසු දා උදෑසන සිට නිවස තුළ අසාමාන්‍ය නිශ්ශබ්දතාවක් ඇති බව ඔවුන්ගේ නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා විසින් නිරීක්ෂණය කර තිබිණි. ඉන් පසු අසල්වාසීන්ට දැනුම් දී නිවසේ දොර කඩා දමා නිවසට ඇතුළු වූ විට දැක ඇත්තේ සියලු දෙනාම එක් එක් කාමරවල නින්දේ දී ම මියගොස් සිටින බවයි.

මෙම මරණයවලට හේතුව රාත්‍රී ආහාරය සමඟ ශරීරගත වූ විෂක් විය හැකියැයි සිතා ඒ ඔස්‍සේ සිදුකරන පරීක්ෂණවලින් සොයාගෙන ඇත්තේ රාත්‍රී ආහාරයට එක්කරගෙන තිබූ  සුප් බඳුනේ මියගිය හූනකු සිටින බවයි. මේ හූනාගෙන් සුප්වලට එක් වූ විෂ එම පවුලේ සියලු දෙනා මියයාමට හේතුවන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

නයිජීරියාවේ මාධ්‍ය වාර්තා එලෙස සඳහන් කළ ද හූනන්ගේ සිරුරේ විෂ තිබේ ද යන්න පිළිබඳ ලෝකයේ පර්යේෂණ සිදුකර තිබේ. 2019 වර්ෂයේ නයිජීරියා විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා මහාචාර්ය ඉයුජින් ඔනා බිත්ති හූනන් ගැන කරන ලද පරීක්ෂණයක දී තහවුරු කර ඇත්තේ හූනන් සිය මුඛයේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් රැගෙන සැරි සරන බවයි. නමුත් හූනන් විෂ සහිත හෝ මාරාන්තික නොවන බව ද මේ වනවිට තහවුරු වී තිබේ. මිනිසකුගේ ආහාරයට හූනකු එක්වුව ද මරණයක් සිදුවිය නොහැකි බව එම පර්යේෂණවලින් සනාථ කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන Animal Diversity Web සඳහන් කරන්නේ ද හූනන් විෂ සහිත නොවන බවයි. එමෙන් ම බිත්ති හූනන් මිනිසුන්ට හානිකර නොවන බව ද එම වෙබ් අඩවියේ පැහැදිළිව සඳහන් වේ.

නයිජීරියාවේ මාධ්‍ය විසින් එම පවුලේ මරණයට වගකිව යුතු වන්නේ බිත්තියක සැරිසරමින් සිටිය දී සුප් බදුනට වැටී තැම්බී ආහාරයට එක්වූ හූනා යැයි ප්‍රසිද්ධියට පත් කළ ද එය සෘජුව පිළිගත නොනහැකි දෙයකි.

නමුත් මේ වනවිට නයිජීරියාවේ පොලිසිය සහ පර්යේෂකයන් මේ පවුලේ මරණයට හූනා සහ සුප් බඳුනේ තිබූ වෙනත් සංඝටකයක් එක්වීමෙන් ඇතිවූ විෂක් හේතු වී ඇත්ද යන්න පිළිබඳව ද අවධානය යොමුකර තිබේ.

මේ පවුලේ මරණයේ වගකීම හූනකු මත පැටවී ඇති බැවින් දැන් ඒ පිළිබඳ සමස්ත ලෝකයේ ම අවධානය යොමුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!