spot_img
spot_imgspot_img

ආච්චිගේ බෙහෙත් බී මියගිය බව කී තුන් හැවිරිදි දරුවාගේ දේහය, අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් නැතිව ම මුදාහැරලා

පුවත්

විදෙස්

අත්තම්මාගේ කකුලේ ගෑම ගෙනා තෙල් වර්ගයක් පානය කළ බව පවසමින් හදිසියේ ම මියගිය වයස අවුරුදු තුනහමාරක දරුවකුගේ මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්කෂණයක් සිදු නො‍කර නිදහස් කිරීමට හදිසි මරණ පරීක්ෂකවරයෙක් කටයුතු කර තිබේ.

මෙම මරණය හදිසි අනතුරකින් සිදුවූවක් වන අතර එවැනි අවස්තාවක දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යාවශ්‍ය සහ අනිවාර්ය කටයුත්තක් ලෙස අධිකරණ නීතියේ දැක්වෙයි. නමුත් දෙනියායේ කොඩිකාරගොඩ හදිසි මරණ පරික්ෂක බන්දුල දයාවංශ මියගිය දරුවාගේ දෙමාපියන්ගෙන් සාක්ෂි ලබාගෙන ඔවුන්ට මරණය පිළිබඳ සැකයක් නැතැයි පැවසූ බව කියමින් අධිකරණ වෛද්‍යවරයකු වෙත සිරුර යොමු නොකර ම දේහය නිදහස් කිරීම ගැටලු සහගතය.

මෙලෙස මියගොස් ඇත්තේ දෙණියාය, මහා වීදියේ පදිංචිව සිටි ඉනුක අෂිිත් වික්‍රමරත්න ගුණසේකර නමැති පිරිමි දරුවෙකි. පසුගිය 23 වැනි දා රාත්‍රී 9.00 ට පමණ අත්තම්මාගේ කකුලේ ගෑමට ගෙනවිත් තිබූ බෙහෙත් කුප්පියක් පානය කර ඇතැයි පවසමින් දෙමාපියන් විසින් ඔහු දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර තිබිණි. පසුව දරුවා මාතර රෝහලට මාරු කර යවන අතරතුර අසාධ්‍ය තත්වයට පත්වූයෙන් කොස්නිල්ගොාඩ රෝහලට ඇතුළත් කර ඇත. දරුවා එහි දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

හදිසි මරණ පරීක්ෂණයේ දී දෙමාපියන් පවසා ඇත්තේ ඔවුන් නිවසේ සිටිය දී ම දරුවා අත්තම්මාගේ බෙහෙත් කුප්පියක් පානය කර ඇති බවයි. එම කුප්පිය කබර්ඩ් එකක් මත තිබූ බවත් පුටුවක ඇන්දමත නැග එය රැගෙන පියන ගලවා පානය කර ඇති බව ද දෙමාපියන් සාක්ෂි දෙමින් පවසා ඇත.

පොලිසියෙන් මේ පිළිබඳ විමසීමේ දී පවසන්නේ දෙමාපියන් මරණය සම්බන්ධයෙන් සැකයක් නැතැයි පවසා ඇති බැවින් හදිසි මරණ පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍යවරයකුට එම සිරුර යොමු නොකර නිදහස් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!