spot_img
spot_imgspot_img

ජනපති රනිල්ගෙන් පත්කිරීම් කිහිපයක්

පුවත්

විදෙස්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නීල් හපුහින්න පත්කර ඇති අතර එම අමාත්‍යාංශයේ මෙතෙක් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්.පී.කේ.මායාදුන්න ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලෙක්මවරයා ලෙස පත්කර තිබේ. නීල් හපුහින්න මීට පෙර කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.

මෙතෙක් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා‍ ලෙස කටයුතු කළ කේ.මහේසන් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලෙකම්වරයා ලෙස පත්කර ඇති අතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ එම්.යමුනා පෙරේරා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා‍ ලෙස පත්කර තිබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පී.පී.ගුණතිලක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති අතර ජනාධිපති අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඒ.එම්.පී.එම්.බී.අතපත්තු වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ආර්.එම්.ඩබ්ලිව්.එස්.සමරදිවාකර සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන තිදෙනාගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය පත්කර ඇති අතර බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න පත්කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!