spot_img
spot_imgspot_img

විදේශිකයකුට, මිහින්තලේ දී භික්ෂුවේෂධාරියෙක් ලිංගික අතවර කරලා

පුවත්

විදෙස්

මිහින්තලේ පූජා භූමියේ කළුදිය පොකුණ නැරඹීමට ගිය එංගලන්ත ජාතික පිරිමි පුද්ගයකුට ලිංගික අපරහණයක් කළ භික්ෂුවේෂධාරියකු අත්අංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 69 හැවිරිදි වියේ පසුවන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි බව කියන භික්ෂුවේෂධාරියෙකි.

සංචාරයක් සඳහා මෙරටට පැමිණ මිහින්තලා පූජා භූමියේ කළුදිය පොකුණ නැරඹීමට තමන් ගිය බවත් එම අවස්ථාවේ දී මෙම භික්ෂුවේෂධාරියා පැමිණ තමන්ට ලිංගික අපහරණයක් කළ බවත් ඔහු‍ගෙන් මිදී පලාගිය බවත් 46 හැවිරිදි විදේශිකයා ‍පොලිසියට පවසා ඇත. ඔහු මෙම පැමිණිල්ල කර ඇත්තේ මිහින්තලා පූජා භූමියේ මැද මළුවේ සංචාරක පොලිස් මුරපොළට ය.

පොලිසිය පවසන්නේ මූලික විමර්ශනයකින් පසු සැකකාර භික්ෂුවේෂධාරියා අත්අඩංගුවට ගත් බවයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!