spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 21,832 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,401ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,891ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 473
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 400
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 243

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 57
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන් ලංකා සමාගම 25%
  • කෙල්සි ‍ඩිවෙලොප්මන්ට් සමාගම 11%
  • රිචඩ් පීරිස් සමාගම 10 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඩබලිව් මැකී සමාගම කොටස් 250,000ක් රුපියල් 90.00 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 375,000ක් රුපියල් 95.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 636,000ක් රුපියල් 150.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 145,000ක් රුපියල් 215.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 397
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 206

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 211 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 81 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 130ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 175
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 27
  • හේලීස් සමාගම රුපියල් මිලියන 11

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එච්එන්බී බැංකුව  රුපියල් මිලියන 42
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 09
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!