spot_img
spot_imgspot_img

‍පොලිස්පතිටත්, අමාත්‍යාංශ ලේකම්ටත් මානව හිමිකම් කොමිසමට එන්න කියයි

පුවත්

විදෙස්

පොලිසිය විසින් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් කරුණු විමසීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

ඔවුන් දෙදෙනා ලබන නොවමැබ්ර් 21 වැනි දින උදෑසන 10.00ට කැඳවා ඇතැයි ‍මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

රාජ්‍ය සේවකයන් වන පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන එය ආරක්ෂා කිරීමට බැඳී සිටියි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මානව හිමිකම් පොලිසිය විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක වීමෙන් නිරන්තරව ම උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාවක් මේ දිනවල දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට ඒ සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි ද ලැබෙමින් පවතී.

මානව හිමිකම් කොමිසම පවසන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවගුණයට මේ නිසා බලවත් තර්ජනයක් සිදුව ඇති බව ද මානව හිමිකම් කොමිසම පවසයි. නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන් විසින් ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම කිසිසේත්ම නොවිය යුතු දෙයක් බව ද එම කොමිසමේ අදහස වී ඇත.

මේ තත්වය වළක්වාගැනීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් මෙහි දී සාච්ඡා කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!