spot_img
spot_imgspot_img

“සමඟි ජන සන්ධානට එක්වූ කතාව බොරුවක්. අයවැය ගැන සාකච්ඡා කළා විතරයි”

පුවත්

විදෙස්

තමන් සමගි ජන සන්ධානයට එක්වූ බවට පළවන කතා සත්‍යයෙන් තොර යැයි හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රටේ උද්ගත වූ තත්වයත් සමඟ ජනතාව පීඩනයට පත්වෙමින් සිටි අවස්ථාවේ තමන් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ද ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කළ බව ඇය පවසයි. 2022 අප්‍රේල් මාසයේ සිට එලෙස ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ තමන් ආණ්ඩු පක්ෂය විසින් ජනාවට හිතැති තීරණයක් ගන්නා විට එයට සහය දන් බවත් මහජනතාවට අහිතකර තීරණවල දී ඊට එරෙහි වූ බවත් ඇය පවසයි.

2023 වර්ෂය සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී පොදුවේ විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් ගත යුතු තීරණ සහ කළ යුතු කාර්යයන් පිළිබඳ සාකච්ඡා කිරීමට අද (14) විපක්ෂ නායකයා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී කිසියම් පොදු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගත්ත ද එය සමගි ජන සන්ධානය සමඟ එක්වීමක් නොවන බව ද ඇය කියා සිටියි.

සමගි සන්ධානයට තමන් එක් වූ බවට පළවන මාධ්‍ය වාර්තා ජනතාව නොමඟ යවන සුළු බවත් එය සත්‍යයෙන් තොර බවත් ප්‍රකාශ කරමි. යනුවෙන් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නිකුත් කළ නිවේදනයේ දක්වා තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!