spot_img
spot_imgspot_img

කටුනායක ව්‍යෘපෘතිය නැවතීමෙන් මාස්පතා බිලියන ගණනක් නිකන් ගෙවයි

පුවත්

විදෙස්

කටුනායක ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීම හේතුවෙන් මාසිකව රුපියල් බිලියන 02ක මුදලක් “අත්හිටුවීමේ ගාස්තු” ලෙස ජපන් සමාගමකට ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ ගැටලුවක් හේතුවෙන් ව්‍යාපෘතිය අත්හිටුවහොත් “අත්හිටුවීමේ ගාස්තු” ගෙවිය යුතු බව සඳහන්ව ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි පවසයි.

2020 වර්ෂයේ දී මේ ඉදිකිරීම් කටයුතු තායිසේ කෝපරේෂන් සමාගමට පවරා ඇත්තේ ඇමෙරිකා ඩොලර් මිලියන 564ක මුදලකටය.

ජපානයේ අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) ශ්‍රී ලංකාවට අවශ්‍ය අරමුදල් ලබාදීම අත්හිටුවීම නිසා මේ ව්‍යාපෘතිය දැනට තාවකාලිකව නතර වී තිබේ. ශ්‍රී ලංකාව සිය විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම හේතුවෙන් අරමුදල් ලබා දීම ඇණහිට තිබේ.

එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන තායිසේ කෝපරේෂන් සමාගම එහි වැඩ අතරමග නතර කර ඇත්තේ අරමුදල් නොලැබීම හේතුවෙනි.

සභාපතිවරයා පවසන්නේ මෙලෙස නිකරුණේ මුදල් ගෙවීම අපරාධයක් බවයි. එබැවින් නව සමාගමක් සමඟ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සුදුසුයැයි රජයට දැනුම් දුන් බව ද සභාපතිවරයා කීවේය.

ඔහු පවසන්නේ දැනට ඇති ගිවිසුම අවලංගු කර නව කොන්ත්‍රාත්කරුවකු සමඟ අලුත් ගිවිසුමකට එළැඹීම සඳහා තීරණයක් ගැනීමට මාස හයක් පමණ ගත වීම ඉඩ ඇති බවයි. එතෙක් සෑම මාසයක ම රුපියල් බිලියන ‍02 බැගින් අදාල සමාගමට ගෙවීමට සිදුවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!