spot_img
spot_imgspot_img

හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියයති

පුවත්

විදෙස්

හික්කඩුව තිරාණගම දී අද (31) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කපුවා හැන්නදි සුසන්ත මෙන්ඩිස් සහ හෙන්ද හේවගේ ඉසුරු ප්‍රසන්න නමැති දෙදෙනෙකි. ඔවුන් හික්කඩුව, කලූපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ දෙදෙනා මිනිස් ඝාතනයක් සම්බන්ධ නඩුවකට පෙනී සිටීම සඳහා ගාල්ල අධිකරණයට යාම සඳහා පැමිණෙමින් සිටිය දී ඔවුන් පසුපස පැමිණ වෙඩි තබා පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් බවත් මියගිය දෙදෙනාට වෙත වෙඩි උණ්ඩ 15කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත්වී ඇති බවත් මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්ව ඇති දෙදෙනා, මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර සිට දින කිහිපයකට පසු ඇප ලබා පැමිණි දෙදෙනකු බව ද අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (31) සිදුකිරීමට නියමිත අතර ඔවුන්ගේ මළ සිරුරු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!