spot_img
spot_imgspot_img

වරෙන්තු ලබා සිටි සනත් නිශාන්තට අධිකරණයෙන් දැඩි අවවාද

පුවත්

විදෙස්

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසු තරයේ අවවාද කර වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

සෑම නඩු දිනයක ම පුද්ගලිකව අධිකරණයේ පෙනීසිටිය යුතු බවටත් විනිසුරු මඩුල්ල විසින් විත්තිකාර සනත් නිශාන්තට අද (13) තරයේ අවවාද කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීසිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිතාසි නිකුත් කර තිබුණි. එලෙස සිතාසි නිකුත් කළේ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන හා විජිත කුමාර විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවය.

එම පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ ඉදිරියේ කැඳවනු ලැබීය. පසුගිය මැයි 09 වැනි දා ගාලු මුවදොර “ගෝඨාගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම්කර ඇති බවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරී බවත් පෙත්සම්වල සඳහන් වෙයි.

එසේ තිබියදී අගෝස්තු මස 23 වනදා පොදුජන එක්සත් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත, අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරු ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයි ද එමගින් අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක්කොට නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්කොට ඇතැයි චෝදනාකරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය හරහා මහජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳහෙළීමට ඔහු ක්‍රියාකර ඇති බවත් සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!