spot_img
spot_imgspot_img

බාලවයස්කාර දැරියක විවාහ කරගත් තරුණයා උඩරට මංගල ඇඳුමින්ම අත්අඩංගුවට. මනාලිය රෝහලට

පුවත්

විදෙස්

බාලවයස්කාර දැරියක සමඟ විවාහ වෙමින් සිටි තරුණයකු ඔහු ඇඳ සිටි උඩරට මංගල ඇඳුම් පිටින්ම අත්අඩංගවට ගෙන මනාලිය රෝහල්ගත කිරීමට පොලිසිය ඊයේ (09) කටයුතු කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව අඟුලාන ප්‍රදේශයේ තරුණයෙකි. ඔහු වයස අවුරුදු 19ක් වූ රැකියාවක් නොමැති අයකු බවත් විවාහ කරගැනීමට ගිය දැරිය වයස අවුරුදු 16යි මාස 06ක් බවත් පොලිසිය කියයි.

සයුරුපුර නමැති උත්සව ශාලාවක මෙම මංගල උත්සවය සංවිධානය කර තිබූ අතර ළමා ආරක්ෂණ අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් එතැනට පැමිණ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

බාලවයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලට වෛද්‍ය පරීක්ෂණයක් සහා යොමුකර ඇත. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවත් දැරියගේ සීයා තරුණයාට බැන වැදීම හේතුවෙන් දෙදෙනා නිවසින් පිටව ගොස් මග්ගොන ඥාති නිවසක නතරවී සිට පසුව මෙලෙස මංගල උත්සවයක් ගැනීමට සූදානම් වී ඇති බවත් වාර්තා වේ.

රැකියාවක් නොකරන තරුණයාට ඒ සඳහා සියලු අවශ්‍ය මුදල් සපයා දී ඇත්තේ විදේශගත වී සිටින ඔහුගේ මව විසිනි. දැරියගේ දෙමාපියන් ද උපතින් ම ආබාධිත අය බව ද විවාහය සිදුවන බව මව සහ පියා දන්නා බව ද පොලිසිය සඳහන් කරයි.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මේ දෙදෙනා අඹුසැමි සබඳතා පවත්වා ඇති බවයි. එබැවින් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට දැරිය රෝහල්ගත කළබව පොලිසයි පවසයි.

අත්අඩංගුවට ගත් තරුණයා අද (10) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!