spot_img
spot_imgspot_img

නිසි වැටුප් වැඩිවීමක් නොමැතිනම් දැඩි තීරණ ගන්නා බව ලංකා වතු සේවක සංගමය කියයි

පුවත්

විදෙස්

ලංකා සේව්‍ය සම්මේලනය සමග අත්සන් තැබීමට නියමිත 2022 නව සාමූහික ගිවිසුමෙන් 70 % ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසට වතු හාම්පුතුන්ට බල කරමින් වතු නිලධාරීහු අද (01) තලවකැලේ දී උද්ඝෝෂණයක නිරත වූහ.

ලංකා වතු සේවා සංගමය එය සංවිධානය කර තිබිණිි.

උද්ඝෝෂණය ආරම්භ වූ අවස්ථාවේ සිට තලවකැලේ නගරයට මහ වැසි ඇදහැළුණ ද එම වැසි නොතකා දහස් සංඛ්‍යාත පිරිසක් මේ උද්ඝෝෂණයේ නරතව සිටීම විශේෂත්වයකි. ඒ සඳහා මධ්‍යම කඳුකරය ඇතුළු දිවයින පුරා පිහිටි වතුවල වතු කාර්ය මණ්ඩල සාමාජික විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

මෙම සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් සේව්‍ය සම්මේලනය සහ ලංකා වතු සේවා සංගමය අතරේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

එසේ වුව ද වතු සේවක සංගමය යෝජනා කරන වැටුප් වැඩිවීම ලබා දීමට වතු සමාගම් එකඟ නොවීම හේතුවෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද බවත්, වර්ථමානයේ වැඩිවන ජීවන වියදම සැළකිල්ලට ගනිමින් තම සාමාජිකයින්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දීමට වතු පාලකයින් කටයුතු නොකරන්නේ නම් ඉදිරි දිනවල රට පුරා වතු ප්‍රදේශවල  උද්ඝෝෂණ සහ විරෝධතා පවත්වන බව ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි පවසයි.

වතු හාම්පුතුන්ගේ ප්‍රතිචාරය අනුව වැවිලිකරයේ වැඩ වර්ජනයක් කැඳවන හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!