spot_img
spot_imgspot_img

හිටපු ජනපති බිරියගෙන් කප්පම් ඉල්ලූ අයෙක් CID අත්අඩංගුවට

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳගෙන් කප්පම් ඉල්ලමින් තර්ජනය කළ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු හිිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්ෂට අවස්ථා කිහිපයක දී ම දුරකථන ඇමතුම් ලබා දෙමින් කප්පම් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරණවෑමියකු ලෙස කටයුතු කරන කොලොන්නාව සාලමුල්ලේ පදිංචි 38 හැවිරිදි ගනේෂන් යෝගන් නමැති අයෙකි.

ඔහු රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා ඇති බවත් එය නොදුනහොත් ගාලුමුවදොර අරගලය මෙන් නොව සුනාමියක් මිරිහාන නිවසට රැගෙන එන බව කියමින් තර්ජනය කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කප්පම් ඉල්ලීම සිදුකළ පළමු දිනයේ දුරකථන ඇමතුම් 19ක්, දෙවැනි දිනයේ 08ක්, තුන්වැනි දිනයේ 03ක් ලබාදී ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී  ඔහු පවසා ඇත්තේ තම ජංගම දුරකථනය අස්ථානගත වී ඇති බවයි. එබැවින් වෙනත් අයකු විසින් මේ ඇමතුම් දෙන්නට ඇතැයි ඔහු පවසා ඇත. නමුත් ඒ අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්දැයි පැවසූ විට ඔහු පිළිතුරු ලබා දී නැත. එය අස්ථානගත වූ බව කීව ද ඉන් පසු වෙනත් දුරකථනයක් හෝ සබඳතාවක් ඔහු ගෙන නැතැයි ද වාර්තා වී ඇත.

පසුව ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ තමන් ලක්ෂ 10ක් ඉල්ලා ඇමතුමක් දුන්න ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට ඇමතුම් නොදුන් බවයි. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ එම ඇමතුම් ලැබුණු අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයකු ඔහු ඇමතුම දෙන්නේ අනෝමා රාජපක්ෂට බව පැහැදිලිකර දී ඇති බවයි. එසේ පැහැදිලි කිරීමෙන් පසුව ද ඔහු ඇමතුම් 12ක් දෙමින් කප්පම් ඉල්ලා ඇති බව ද අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ හිටපු ජනාධිපිතවරයාගේ බිරිඳගේ පුද්ගලික දුරකථන අංකය ඔහුට ලැබුණු ආකාරය පිළිබඳ ද පරීක්ෂණ පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!