spot_img
spot_imgspot_img

“රෝයල් පාර්ක් ඝාතනය” යළි එළියට එයි. ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම විභාගයට තීරණය කරයි

පුවත්

විදෙස්

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණ දඬුවම හිමි වූ පුද්ගලයා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීමෙන් පසු එලෙස තීරණය කර ඇත. කාන්තා හා මාධ්‍ය එකමුතුව විසින් පෙත්සම ‍ගොනුකර තිබේබ.

2005 ජූලි මස 01 වැනි දා රෝයල් පර්ක් නිවාස සංකීර්ණනයේ දී කුරිරු ලෙස වධ හිංසා පමුණුවා යුවොන් ජෙනාසන් නමැති 19 හැවිරිදි තරුණයක් මරා දමන ලදැයි යන සිද්ධියට මරණ දඬුවම ලබා සිටි දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලදී.

මෙලෙස ඔහුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි වි‍රෝධතාවක් මතු වූ අතර ජනාධිපතිවරයා කෝටි ගණනක මුදල් රැගෙන මෙලෙස ජනාධිපති සමාව ලබා දී ඇතැයි ද ප්‍රචාරය විය.

නමුත් එහි දී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ අතුරලියේ රතන හිමි දිගින් දිගටම මෙම පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දෙන්න යැයි දැඩි ලෙස ඉල්ලීම් කළ බැවින් සමාව දුන් බවයි. මුදල් ගනුදෙනුවක් සිදවූ බවක් තමන් නොදන්නා බව ද ඒ පිළිබඳ රතන හිමිගෙන් විමසිය යුතු බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනු කර ඇති පෙපත්සම සළකා බැලීමේ දී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මරණකාරියගේ පාර්ශවය වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නීතිඥ රුක්ෂාන් සේනාධී සහ ලක්මිණි වරුසවිතාන සමඟ පෙත්සම් පාර්ශවය වෙනුවෙන් ද කරුණු ඉදිරිපත් කළහ. මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයක් බවට ප්කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ වගඋත්තරකුරුවකු බවට පත්කර තිබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ ෆයිසර් මුස්තාපා ද පෙනී සිටියේය.

මෙම විත්තිකරුට එරෙහිව ජූරි සභාවක් නොමැතිව ඒක පුද්ගල මහාධිකරණ විනිසුරුවරයකු හමුවේ විභාග වූ නඩුවේ දී විත්තිකරුට වසර 11ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 03ක දඩයක් නියම කෙරිණි.

නමුත් ඉන් පසුව එම තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය විත්තිකරුට මරණ දඩුවම තීන්දු කර තිබිණි. එම තීන්දුව පිටු 33කින් යුක්තව සවිස්තරාත්මක ව ඉදිරිපත් කර තිබීමම ද විශේෂත්වයකි.

එම තීන්දුව අනුව බන්ධනාගාරයේ සිටි විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමටත් එම විභාගය නිමවන තෙක් විත්තිකරුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබී්‍ය.

පෙත්සම ලබන මාර්තු මස 30 වැනි දා විභාගයට ගැනීමට නියමිත ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!