spot_img
spot_imgspot_img

ගාල්ලේ පාසලක අනධ්‍යයන සේවකයෙක්, ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් සිසුවියකට අතවර කළා යැයි රිමාන්ඩ්

පුවත්

විදෙස්

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුවරයා ලෙස පෙනී සිටිමින් උපකාරක පන්ති පැවැත්වූ පුද්ගලයකු බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් හේතුවෙන් ලබන 03 වැනි දා දක්වා බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේන්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝග ක‍ළා ය.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ ගාල්ල කුමාරකන්ද ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වාගෙන ගිය රවිල් සම්පත් හැන්නදිගේ නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි. දෙදරු පියකු වන ඔහු ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ පරිගණක දත්ත ක්‍රියාකරු ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කර ඇත. අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කළ ද විදුහල්පතිවරු ඔහුට තොරතුරු තාක්ෂණය ඉ‍ගැන්වීම සඳහා කාලපරිච්ඡේද ලබා දී තිබේ.

අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකු වූ ඔහුට ඇලුවීෂියස් විදුහලේ විදුහල්පතිවරු තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට අවස්ථාව ලබා දී‍ ඇති අතර උපකාරක පන්ති පවත්වාගෙන ගොස් ඇත්තේ එම විද්‍යාලයේ ගුරුවරයකු බව සඳහන් කරමින් යැයි ද පොලිසිය පවසයි. එම පුද්ගලයා මේ දිනවල වැටුප් රහිත නිවාඩු ගෙන උපකාරක පන්ති පවත්වන බව ද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

ඉරිදා දිනවල දී ඔහුගේ උපකාර පන්තියකට සහභාගී වන සිසුවියකට ඔහු උපදෙස් ලබා දී ඇත්තේ සතියේ දිනක සවස පහෙන් පසු පන්තියට පැමිණ පිටුපස පේළියේ අසුන් ගන්නා ලෙසයි. ඒ අනුව පසුගිය අඟහරුවාදා සවස එම පන්තියට ‍ගිය 15 හැවිරිදි සිසුවිය ඔහුගේ උපදෙස් මත පසුපස පේළියේ අසුන් ගෙන ඇත. පන්තිය අතරතුර විදුලිය විසන්ධි වූ අවස්ථාවේ සැකකරු සිසුවිය අසලට ගොස් ඇය සිප වැළඳ ගෙන සිරුර අනවශ්‍ය ලෙස ස්පර්ශ කර අතවර කර ඇතැයි පොලිසිය අධිකරණයේ දී ප්‍රකාශ කළේය. සැකකරුගේ ‍එම ක්‍රියාවෙන් බියට පත් සිසුවිය නිහඬව සිට පසු දින පාසලට ගොස් තම යෙහෙළියන්ට ඒ සිද්ධිය පවසා ඇති බවත් ඔවුන්ගේ උපදෙස් මත දෙමාපියන්ට දැනුම් දී පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් හික්කඩුව පොලිසිය කියයි.

එම පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම පුද්ගලයාට පාසලෙන් ඉ‍ගැන්වීම සඳහා කාල සටහන් ලබා නොදුන් බවයි. නමුත් ඔහු පරිගණක අංශයේ උගන්වන ගුරුවරියන්ට බලපෑම් කරමින් බලෙන් ඉගැන්වූ බවත් එම ප්‍රකාශකයා කීවේය. වෛද්‍යවරයකුගේ අවසර පත්‍රයක් අලවාගත් නවීන මෝටර් රථයකින් ඔහු විද්‍යාලයට පැමිණෙන බවත් මාරුවීම් කිහිපයක් පැමිණිය ද දේශපාලන හයියෙන් ඒවාට නොගිය මොහු අවසාන‍යේ ඇලුවීෂියස් විද්‍යාලයට කරදරයක් වූ බැවින් විශ්‍රාම ගැන්වූ බවත් විදුහලේ ප්‍රකාශකයකු කීවේය.

ඔහු පවස්න්නේ මෙම අනධ්‍යයන සේවකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිනවා යැයි පවසන කතාව අසත්‍යයක් බවයි. හෙතෙම 2020-11-01 දින සිට විශ්‍රාම යවා ඇතැයි ද විදුහල් ප්‍රකාශක පැවසුවේ එය තම විද්‍යාලයට සනාථ කළ හැකි බව ද පවසමිනි.

විදුහලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සිටින පරිගණක දත්ත ක්‍රියාකරු ගුරුවරුන්ගෙන් පරිබාහිර බලෙන් පනති කාමර වල උගන්වමින් සිටියේ නම් ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගතයුතුය. මෙලෙස අනධ්‍යයන සේවකයෙක් පන්ති කාමරවල බලෙන් ඉගැන්වූයේ නම් පාසලේ පරිපාලකයන් ඇස් කන් පියාගෙන සිටියේ ද යන්න ගැටලුවකි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!