spot_img
spot_imgspot_img

අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගත් නඩු නැවත පවරන්න යැයි උපදෙස්

පුවත්

විදෙස්

තාක්ෂණික දෝෂයැයි පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කරගන්නා ලද නඩු නැවත සකසා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න යැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව එම කොමිසමට උපදෙස් ලබා දී ඇත.

2015 සිට 2019 දක්වා යහ පාලන ආණ්ඩු කාලයේ දී පවරන නඩු 34ක් සහ 2015 වර්ෂයට පෙර පවරන ලද නඩු 05ක් මෙලෙස ඉල්ලා අස්කරගෙන ඇත. එම නඩු ඉල්ලා අස්කරගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ තාක්ෂණික දෝෂ ඇති බැවින් එය ඉල්ලා අස්කරගන්නා බවයි. ඉන් පසු එම දෝෂ මඟහරවාගෙන නැවත නඩු පවරන බවත් කොමිසම දැනුම් දී ඇතත් මෙතෙක් එකම නඩුවක් හෝ යළි පවරා නැත.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ඇතැයි කිකයූ තාක්ෂණික දෝෂ මඟහරවාගෙන එම නඩු නැවත පැනවිය යුතු බවයි. පසුගිය 2019 සහ 2020 වසරවල දී විවිධ හේතු සඳහන් කරමින් කොමිෂන් සභාව නඩු 10ක් ඉල්ලා අස්කරගෙ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!