spot_img
spot_imgspot_img

මාර්ග සංවර්ධන අධිකාරිය කෝටි ගණනක දේපළ අතහැර දමලා. කාගේ වුවමනාවකට දැයි සැකයක් ?

පුවත්

විදෙස්

විදේශ ආධාර ව්‍යාපෘති කිහිපයක් යටතේ ඉදිකර මාර්ග සංව්ධන අධිකාරියට පවරා දී ඇති ‍කෝටි ගණනක් වටිනා ගොඩනැගිලි එම අධිකාරියේ ලේඛනවලට ඇතුළත් කර නැතැයි විගණකාධිපති කාර්යාලය පවසයි.

මෙලෙස ලේඛනගත නොකළ ගොඩනැගිලි අතර සංචාරක නිවාස, ව්‍යාපාරික ස්ථාන, කාර්යාල ගොඩනැගිල සහ නිල නිවාස විශාල සංඛ්‍යාවක් ඇත.

කොළඹ බොරැල්ලේ සහ මධයම පළාතේ පිහිටි කඩ කාමර 37ක් සහිත ගොඩනැගිලිවල වටිනාකම පවා තක්සේරු කර නොමැති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ පිළිබඳ 2017 සහ 2018 වර්ෂවල දී ද විගණන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ ලබා දී ඇතත් තවමත් එම ගොඩනැගිලි ලේඛනගත කර නොතිබීම පුදුමයකි.

වැටිය සිට අන්දරවැව දක්වා මාර්ගයේ පිහිටි රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා ගොඩනැගිල්ලක් මාර්ග සංවර්ධන අධිකාරියට සෘජුවම ලබා දී ඇතත් එය පවරාගෙන ගිනුම් ගත කර නැත. මෙම ගොඩනැගිල්ල දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව අදිය 2යටතේ ඉදිකරන ලද්දකි.

එලෙසම රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා අන්තර් හුවමාරු තුනක් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද මාර්ග සංවර්ධන අධිකාරිය සතුව කිසිදු ලේඛනයක් නොමැත. මෙය ද සිදු විය නොහැකි දෙයකි.

මාර්ග සංවර්ධන අධිකාරිය සතුව තිබිය යුතු ස්ථාවර වත්කම් ලේඛනයෙහි ගොඩනැගිලි නිශ්චිතව හඳුනාගත නොහැකි තත්වයක් ඇති අතර ඒවායේ භූමි ප්‍රමාණ පවා නිශ්චිතව සඳහන් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!